රෙඩ්මන්ඩ්, වොශින්ග්ටන් හි පිහිටා ඇති Microsoft සමාගමේ මූලස්ථානය (Microsoft Redmond Campus) අධිතාක්ෂණික උපකරණ වලින් පිරුන ගොඩනැගිලි සංකීර්ණයක් බව ඔයාල ගොඩක් දෙනෙක් දන්නව ඇති. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඒ ගොඩනැගිලි සියල්ල අතරින් කැපී පෙනෙන – අති නවීන උපාංග වලින් සමන්විත – Building 87 කියන පර්යේෂණාගාරය ගැනයි.

මේ පර්යේෂණාගාරය ප්‍රධාන වශයෙන් ඒකක තුනකින් සමන්විත වෙනවා.
-
Edison Labs
“අනාගතයේ පර්යේෂණාගාරය” ලෙස හැඳින්වෙන මේ ඒකකයෙදි මෑත කාලයේ තාක්ෂණ ලෝකයේ දැවැන්ත වෙනසක් කරපු Microsoft Surface Book වගේ අති නවීන නිමැවුම් බිහිවෙලා තියෙනවා.
Large scale prototype of the Surface Book’s latching mechanism. -
The Department of Human Data
ජෛව යාන්ත්‍ර විද්යාව (Human Biometrics) පිළිබඳ පර්යේෂණ කරන මේ ඒකකයේදි තමයි Microsoft HoloLens, Xbox controller, Microsoft Band වගේ නිශ්පාදන සැළසුම් වෙන්නේ.
-
Anechoic Chamber
“ලෝකයේ ශබ්ද විරහිතම ස්ථානය” යන ගිනස් වාර්ථාවට හිමිකම් කියන මේ ඒකකයේදී Cortana සහ Microsoft Surface හි මයික්‍රෆෝනය, ස්පීකර්ස් නිර්මාණය වෙලා තියෙනවා වගේම තවත් ශබ්ද පරිපාලනය ආශ්‍රිත පර්යේෂණ සිදුවෙනවා.
- මේ ගැන තව දැනගන්න මේ විඩියෝ එක බලන්න !
එක ඇතුලේ රවුමක් යන්න කැමතිනම් මෙතනින් යන්න : Take a Virtual Tour Inside Building 87