තාක්ෂණය ඔබේ දෝතට ගෙන දුන් සුරදුව! Dona Sarkar

තාක්ෂණය ඔබේ දෝතට ගෙන දුන් සුරදුව! Dona Sarkar

2639
0
SHARE

DONA SARKAR, නමනම් ටිකක් ආගන්තුකයි තමයි. බලමු එයගේ වැඩත් අපිට අළුත්ද කියලා.

ඔබත් බිලියන 1.5කට අධික වූ Windows පාරිභෝගිකයන්ගෙන් එක්කෙනෙක් නම් ඇය නිපදවූ කුමක් හෝ ඔබ භාවිතා කරලා තියනවා නිසැකයි. ඉතින් ඔබේ පරිගනකයේ ඇති කුමක් හෝ සොයාගැනීමට වුවමනා වුනානම් ඔබ භාවිතා කළේ ඇගේ search box එකයි.

කවදාහරි File Explorer tool එක භාවිතා කළාද? ඒකත් එයාගේ වැඩක්. ඔබේ device එක වෙන device එකකට connect කරලා settings වල වෙනසක් නැතුව files search කරගත්තද? එසේනම් ඔබ ස්තූතිවන්ත විය යුත්තේ Sarkarටයි.

එයාගේ මේ වැඩත් එක්ක සුපිරි තරුවක් කියනවාටත් වඩා නොපෙනෙන සුර දුවක් කියලා හඳුන්වන්න පුළුවන්.

“මං ආසම දෙයක් තමයි අපේ සමාගමේ නිපදවන තාක්ෂණයන්  අදෘශ්යමානයි. ඒවා තියෙන්නේ ඔබට යමක් ලබාගන්න. අපිට ඕනේ තාක්ෂණය අදෘශ්යමාන විදිහට ඇවිත් ඔබට උදව් කරනවා දකින්නයි.” ඇය පවසයි.

Windows Insider Program එකට නායකත්වය දෙන්න පටන් ගන්නවාත් එක්කම Sarkar ගේ හැකියාවන් දිනෙන් දින වැඩි වෙනවා. ඒ තමයි ලොව පුරා මිලියන ගණනක් දෙනා එකතු වී නිකුත් කිරීමට නියමිත නිෂ්පාදන වලට feedbacks ලබා දෙන Beta program එක. ඇයගේ ඉංජිනේරු හැකියාවනුත් පිරිසක් සමඟ හොඳින් කටයුතු කිරීමට ඇති හැකියාවත් නිසා ඉතා සතුටින් ඇය මේ රාජකාරිය කරනවා.

“මෙතනට එන්න මම අවුරුදු 11ක් බලාගෙන හිටියා. මං හරි ආසයි දැනගන්න මොනවද මේ තාක්ෂණයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ, කොහොමද අපි ඒවා ලබා දෙන්නේ කියන එක.” ~Sarkar

“වසර ගණනාවක සිට මම Dona එක්ක වැඩ කළා. ඇය තමයි Windows Insider වැඩසටහන මෙහෙයවන්න සුදුසුම කෙනා. ඇයගේ තාක්ෂණික දැනුම, පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන විලාශය, ඉතා කැපවීමෙන් සවන් දීම වගේ ලක්ෂණ මං වෙන කෙනෙක්ගෙන් දැකලා නැහැ.” Sarkar සමඟ සමීපවම කටයුතු කරන Aur පවසයි.

sitting

ඇය යනවා Michigan විශ්ව විද්‍යාලයට පරිගනක ව්ද්‍යාව හදාරන්න. පලමු වර ඇය අසමත් වෙනවා. “මං ඉතා නරක විදිහට එයින් අසමත් වුනේ. නමුත් මං මුලින්ම බයිසිකලයක් පැදපු දවසෙත් මං අසමත් වුනා.” ඇය සිනාසෙමින් පවසයි.

ඇය නැවතත් උත්සාහ කරනවා. මෙවර ඇය සමත් වෙනවා. පසුව intern කෙනෙක් විදිහට Autodesk සමාගමට එකතු වෙනවා. එහිදී ඔවුන්ගේ AutoCAD software එක නිකුත් කිරීමට පෙර මිනිසුන්ට ඔවුන්ට අවශ්‍ය දේ හරියටම මෙයින් සැපයෙනවද කියලා සොයාගන්න උදවු කරනවා. උපාධිය ලබාගැනීමෙන් අනතුරුව Seatle වෙත යන ඇය එහිදී Siebel Systems වෙනුවෙන් වැඩ කරනවා.

2005 වසරේදී ඇය Microsoft සමාගමට එක් වෙලා Windows team එකත් එක්ක වැඩ කරනවා.

“මට තේරුනා බිලියන ගණනක තරම් මිනිස්සුන්ට උදවු කරන්න වෙන ක්‍රමයක් නැති බව. මං Microsoft සමාගමට එකතු වුනා. මොකද නේපාලයේ කඳු පංතියක සිටියත් මෑන්හැටන් හි කුළුණක සිටියත් ඔවුන් භාවිතා කරන්නේ Windows.”

code

Windows වලට Autoplay, Bluetooth සහ Blu-Ray වැනි විශේෂාංග එක් කිරීමේ ව්‍යාපෘතියේ ඇය lead developer ලෙස කටයුතු කළා. ඔබ බලාපොරොත්තු වෙන විදිහටම පරිගනකයත් එක්ක කටයුතු කරන්න ලබා දෙන එකෙන් ඇය පුදුම සතුටක් ලබන්නේ.

Dona Sarkar gathering user feedback for the upcoming release of Windows 7 at the University of Michigan in 2008.
Dona Sarkar gathering user feedback for the upcoming release of Windows 7 at the University of Michigan in 2008.

බොහෝ දෙනා Windows 7,8 වලට මාරු වෙනවත් එක්කම ඒවායේ search boxes වල වගකීම Sarkarගේ කර මත පැටවුනා. Windows 7 හි start menu එක, File Explorer tool එක සහ Open/Save dialogs හදන කටයුත්තේදී ඇය ඒ කණ්ඩායම් මෙහෙයව්වා. ඒ වගේම Windows 8 tablets වලට ගේන්නත්, එහිදී settings, apps සොයාගන්නත් උදවු කළා.

“Any time you needed to find something in Windows, you used my feature,” she said proudly. “That’s my baby!”

බොහෝ දෙනාට OS එක කියන්නේ අමතකම වෙන දෙයක්. පරිගනකයේ මොකක් හරි දෝෂයක් ආවම විතරක් මතක් වෙන දෙයක්. නමුත් Donaට, Operating System එක තාක්ෂණයේ සාරය වගෙයි. ඇයගේ වචන වලින් කියනවනම්,” මං operating systems වලට ඇළුම් කරනවා. මං කැමතියි අන් අයගේ වැඩ පහසු වෙන දෙයක් කරන්න.”

“the digital heartbeat that powers creativity and achievement.”

ඒ විතරක් නෙමෙයි. මෙයා user feedbacks බලලා Program එක හොඳ තත්වයකට ගේන්න නිතරම උත්සාහ ගන්නවා.

“ඔබ ඕනෑම වෙලාවක මගෙන් අහන්න මං වැඩ කරපු ඕනෑම project එකක ඕනෑම feature එකක usersලාව පිස්සු වට්ටපු මුල් දෝෂ 10, ඒ මං බොහෝ වෙලාවක්  forums, conversations, chats   databases එක්ක වැඩ කරන නිසයි.”

මේ මෑතකදී ඇය Microsoft Hololens developer engagement program එකට නායකත්වය දුන්නා. ඒ අතරම Holographic Academy එකේ ඉගැන්නුවා. ඉකුත් ජූනි මාසයේ බොහෝ codersලා ප්‍රමාණයක්, Unity developers, 3D artists, filmmakers හා දක්ෂ ඉංජිනේරුවන් රැසක් එක් වූ #HoloHacks hackathon එක පැවැත්වුනේ ඇයගේ නායකත්වයෙන්.

“Hololens ගැන මගේ තියන අත්දැකීම් Insidersලාට ගොඩාක් වැදගත්. මොකද Hololens එකක් තියන හැමෝම Insidersලා. මට ඕනේ Insider Program එකේ ඉන්න හැමෝටම Microsoft පවුලේ සාමජිකයෙක් වගේ දැනෙන්න දෙන්න. මේ product එක හොඳ තැනකට ගේන එයාලට අපේ මේසයේ පුටුවක් ලෑස්තියි. ඇත්තෙන්ම ඒ තාක්ෂණික ප්‍රවීණයෝ විතරක් නෙමෙයි. නිර්මාණාත්මක project එකක වැඩ කරන කෙනෙක්ට වුනත් එහෙමයි.”

නිර්මාණාත්මක දේවල් ගැන කියනවානම් ඒ තමයි Dona ගේ අනිත් පැත්ත. ඇය fashion designer කෙනෙක්, fashion blogger කෙනෙක්,දක්ෂ කථිකයෙක්. ඒ විතරක් නෙමෙයි මේ වන විටත් ඇය විසින් රචිත ප්‍රබන්ධ කෘති 3ක් සහ ප්‍රබන්ධිත නොවන කෘතියක් ප්‍රකාෂිතයි.

201411051058jb-019fe7b8948421629c46d76c7b037d9c

සෑම උදෑසනක්ම ඇය පටන් ගන්නේ Americano නමැති කෝපි පානයක් සමඟින්. ඉතින් ටික වේලාවක් ඇයගෙ පූස් සුරතලායි Asus laptop එකයි එක්ක කාලය ගත කරනවා. ඉන් පසුවයි Redmond හි තම රාජකාරි ස්ථානයට යන්නේ.

ආයතනයට ගියාම code කරන ඇය, නිවසේදී Surface Book එකේන් මෝස්තර නිර්මණය කරනවා. Windows කියන්නේ ඇයට ඉතා විශේෂ දෙයක්. ඒ එයා වැඩ කරන තැන නිසාම නෙමෙයි. ඉහත සඳහන් කරපු වැඩ ඔක්කොම කරගන්නේ Windows වල උදව්වෙන් නිසා. එයින් ඇයට ලැබෙන ප්‍රථිඵලයත් අති විශාලයි.

බුරුල් වූ ඇණ හා ගෙවී ගිය keyboard එකෙන් Ash නමැති ඇගේ පූස් සුරතලාගේ දස්කම් හොඳින්ම පෙන්වනවා. පරිගනකය පුරා ඇය කථා කරපු events වල stickers අලවලා තියෙන්නේ.

ඇයගේ කෘති,

You Had Me at Hello World (non-fiction)

Scattered Ashes (fiction)

Haute Date (fiction)

Shrink to Fit and How to Salsa in a Sari (fiction)

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY