Microsoft සමාගමෙන් 2016දී අපට බලාපොරොත්තු විය හැකි දේවල්..

Microsoft සමාගමෙන් 2016දී අපට බලාපොරොත්තු විය හැකි දේවල්..

3616
0
SHARE

Microsoft සමාගම සාර්ථකව 2015 වසර නිමා කරමින් සිටියි. ඔවුන් මේ වසර තුලදී තම නවතම laptop පරිගනකය වන Surface Book හඳුන්වාදෙන ලදී. එමෙන්ම නවතම Windows version එක වන Windows 10 හඳුන්වාදෙන ලද්දේ ද මෙම වර්ෂයේදීය. තවද මේ වර්ෂයේදී, තම ව්‍යාපාර සඳහා වන software රැසක්ද update කල අතර තම Surface Pro tablet එක සහ fitness Band එක ද update කරන ලදී.

නමුත් Microsoftහි CEO, Satya Nadellaට අනුව එය එක් ආරම්භයක් පමණි. ඔහු තවදුරටත් සඳහන් කරන අන්දමට Windows 10, උපාංග බිලියනය ඉක්මවා ගෙන යාම, එහි වර්තමාන සේවාවන් ව්‍යාප්ත කිරීම සහ Apple, Google හා Amazon වැනි සමාගම් සමග තරඟ වැදීමට සුදුසු නව උපාංග හඳුන්වාදීම සඳහා ඔහු සතුව සැලසුම් පවතී.

පහත දැක්වෙන්නේ ඒ අනුව ලබන වසරේදී අප අවධානයෙන් සිටිය යුතු දේවල් කිහිපයකි.

  • HoloLens
  • Surface Phone සහ නව Lumia දුරකතන
  • තවත් උපායමාර්ගික සබඳකම් සහ යුරෝපය පුරා ව්‍යාප්ත වීම.
  • Surface Pro 5
  • Windows 10 සහ Office සඳහා updates
  • Philanthropy සඳහා අවධානය
  • තවත් Apple වැනි retail stores
  • Xbox

HoloLens

පුරා වසරක කාලයක් තුල ගොඩනැගීමෙන් පසු Microsoft සමාගම සහතික වී සිටින්නේ 2016 වසරේ ප්‍රථම කාර්තුවේදී පළමු HoloLens development kits නිකුත්වන බවයි. නමුත් තම ලඟම වෙළඳ ස්ථානයෙන් එය නිකුත් වූ වහාම ලබාගැනීමට නොහැකි වනු ඇති, මන්ද යත් මෙම අපූරු holograms සජීවීකරණය යනු විශාල කර්තව්‍යයක් බැවිනි.

Surface Phone

Surface Phone එකක් පිළිබඳ විවිධ පුවත් රැසක් අපට පසුගිය කාලයේදී අසන්න ඇසීමට ලැබුණු අතර 2016 වසරේදී මෙම උපාංගය දක්නට බොහෝ ඉඩකඩ ඇත.

එහි hardware බොහෝ දුරට Surface tablet ආකාරයේ metallic පෙනුමක් ගනු ඇත. වෙනත් smartphones සහ Microsoft Lumia දුරකතන මෙන් තිරය විශාල වනු ඇත. ලැබෙන්නා වූ වාර්තා අනුව, එය Windows 10හි බලය ජංගම දුරකතනයක බලාපොරොත්තු වන ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කොට නිර්මාණය කරනු ඇත. තවමත් එය 2016 වසරේදී නිකුත්වන දිනය අපැහැදිලිය.

යුරෝපය තුල ව්‍යාප්ත වීම

Microsoft සමාගම යුරෝපය තුල තවදුරටත් ව්‍යාප්ත වීම පිණිස අයර්ලන්තය තුල ඇති තම කාර්යාල වෙත තවත් සේවකයන් ඇතුලත් කිරීම සහ එක්සත් රාජධානියේ හා ජර්මනිය තුල data centers පිහිටුවීම සිදු කරනු ඇත.

වර්තමානයේ Microsoft සමාගම, Amazon සමග online storage සහ සේවා වෙළඳපොල පිළිබඳ ඇ.ඩොලර් බිලියන 11කට අධික තරඟකාරීත්වයක නිරත වෙයි.

තවද Microsoftහි smartphones සඳහා යුරෝපය වැදගත් වෙළඳපලක් වනු ඇත. ඒ එම මහද්වීපය තුල පමණක් ඇති අලෙවිය වැඩිවෙමින් පවතින ස්වභාවය හේතුවෙනි.

උපායමාර්ගික සබඳතා

CEO Satya Nadella යටතේ, Microsoft සමාගම, වෙනත් සමාගම් සහ විශේෂයෙන්ම තම තරඟකාරී සමාගම් සමග සබඳතා ගොඩනගා ගැනීමට වඩා විවෘත ස්වභාවයක් පෙන්නුම් කරයි.

Microsoft සමාගම Apple, Salesforce, Box, Cyanogen, Samsung සහ වෙනත් සමාගම් රැසක් සමග ගිවිසුම් වලට එලඹ තිබේ. Satya Nadella පවසා සිටියේ Microsoftහි අරමුණ වන්නේ සෑම පුද්ගලයෙකුම හා සෑම ආයතනයක්ම සවිබල ගැන්වීමයි. එයින් අදහස් වන්නේ Microsoft සමාගම තවදුරටත් සබඳතා ගොඩනගනු ඇති බවටයි.

Microsoftහි enterprise software සඳහා updates

Microsoft සමාගම වර්තමානයේ Amazon, IBM සහ වෙනත් සමාගම් සමග වැඩි වශයෙන් ලාභ උපදවන software services සහ online services වෙළඳපල සඳහා තරඟවදියි.

Stratechery blog පවත්වාගෙන යන කර්මාන්ත පිළිබඳ විශ්ලේෂක Ben Thompsonට අනුව, Microsoft සමාගම, තම සේවාදායකයන් සමග මනා සබඳතාවක් පවත්වාගෙන යනු ලබන අතර Amazon සතුව වේගවත් software සහ hardware ඉංජිනේරුවන් කණ්ඩායමක් සිටියි.

2016දී තවදුරටත් ‘Cloud Wars’හි පැවැත්ම නැරඹිය හැකි අතර Microsoft සමාගම ඉන් මග හැරයාම නොකල යුතුය.

ලොව පුරා Retail Stores 

නිව්යෝක් නගරයේ සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි Microsoft සමාගමේ ප්‍රථම retail stores ඉදිරි කටයුතු සඳහා ඇරඹුමක් පමණි.

Microsoft සමාගම Surface Book වැනි උපාංග රැසක් නිකුත් කරන විට, භාවිතා කරන්නන් හට එය අත්හදා බැලීමට ලබාදෙන කාලය වැඩිවේ.

Microsoft සමාගම ලන්ඩන් නුවර සහ තවත් ස්ථාන රැසක retail stores ගොඩ නැගීමට සූදානම් වන බවට රාවයක් පවතී.

අයත් කරගැනීම්

Microsoft සමාගම 2015 වසරේදී අයත් කරගැනීම් රැසක් සිදු කරන ලදී. ඒ අතර iOS සඳහා වන ජනප්‍රිය calender app එකක් වන Sunrise, to-do app එකක් වන Wunderlist, lockscreen app එකක් වන Double Labs සහ stylus maker එකක් වන N-trig ඇතුලත් වේ.

Microsoft සමාගම iOS සහ Android වැනි නව වෙළඳපලවල් වෙත පිවිසීම සඳහා මෙම සමාගම් මිලට ගන්නා ලදී. Satya Nadellaගේ අරමුණ අනුව සෑම පුද්ගලයෙකුම සවිබල ගැන්වීම සඳහා, සෑම platform එකම Microsoft සේවාවන් පැවතිය යුතු වේ.

Surface 4

Microsoft Surface බොහෝ කලක සිට නවතාවයක් අවශ්‍ය කර තිබෙන අතර Surface Pro තම සිව්වන version එක මේ වසර තුල නිකුත් කලද, Surface එක තවමත් තෙවන version එකෙහි පසු වෙයි.

Surface 3හි Pro version එකෙහි මෙන්ම Windows 10 full version එකක් සමග වාසි රැසක්  ඇතුලත් වුවද, එය ලාභදායී හා බලයෙන් අඩු වෙයි. එනිසා Microsoft සමාගම බොහෝ දුරට 2016 වසරේදී Surface 4 උපාංගය නිකුත් කරනු ඇත.

Surface Pro 5

Microsoft සමාගමේ Surface Pro උපාංගය ගත් කල එය ඔවුන්ගේ අනගි සොයාගැනීමකි. උපාංග දෙකක් එක් කොට නිමවා ඇති එය පරිගනකයක් සහ tablet එකක් ලෙස භාවිතා කල හැක.

Surface Proහි පස්වන version එක, පෙර Surface Pro වල මෙන්න ප්‍රමාණයෙන් සිහින්, බලයෙන් වැඩි සහ laptop/tablet දෙමුහුන් හැකියාව තවතවත් වැඩිදියුණු කරනු ඇත. Microsoft සමාගම Surface Pro 4, Windows 10හි flagship උපාංගය වශයෙන් නම් කල නිසා පස්වන version එකෙහි එම විශේෂාංග වැඩි වශයෙන් අඩංගු විය යුතුය.

Surface Book 2

Surface Book යනු ප්‍රථමයෙන් laptop පරිගනකයක් වන අතර දෙවනුව tablet එකක් ලෙස භාවිතා කල හැකි උපාංගයකි. එය ප්‍රථමයෙන් tablet එකක් වශයෙන් භාවිතා කරනු ලබන Surface හා Surface Pro අතරින් වෙනස් මුහුණුවරක් ගනී.

Microsoft සමාගම තම පරිගනක නිෂ්පාදන සහකරුවන් ඇතුලුව සැවොම විමතියට පත් කරමින් මෙම වසරේ Surface Book හඳුන්වාදෙන ලදී. එයට ලැබෙන ධනාත්මක ප්‍රතිචාර අනුව පෙනෙන්නේ Microsoft සමාගම, hardware නිපදවීම සඳහා සූදානම් බවයි.

බොහෝ දුරට Surface Book 2, එහි පළමු වැන්නට වඩා බලවත්, සිහින් හා සැහැල්ලු ගුණාංග පෙන්නුම් කරනු ඇත. තවද එය එක්සත් රාජධානිය වැනි Surface Book අලෙවි නොවූ ස්ථානයන්හිද අලෙවි කරනු ඇත.

නව Lumia දුරකතන

Microsoft සමාගම 2015 වසරේදී Lumia 950 සහ 950 XL හඳුන්වාදීම මගින් Lumia දුරකතන ශ්‍රේණිය update කරන ලදී. ඒ අනුව ඒවා hardware අනුව Apple, Google හා Samsung සමග තරඟ වැදිය හැකි තත්වයකට පත්ව ඇත.

ලැබෙන වාර්තා වලට අනුව, Surface Phone එක ව්‍යාපාරික ප්‍රජාව අරමුණු කොට නිර්මාණය කරන බැවින් සාමාන්‍ය පාරිභෝගිකයන් ඉලක්කව Lumia දුරකතන නිර්මාණය වේ. ඒ අනුව නව Lumia දුරකතන මාදිලි  Windows 10 එක්වීමෙන් බලවත් වනු ඇත. තවද Continuum වැනි software මගින් Microsoft සමාගමට smartphone වෙළඳපොල තුල තරඟ කිරීමට අවස්ථාව උදාවේ.

Windows 10හි නව version එකක්

Windows 10 නිකුත් වී මාස පහක් ඉක්මෙන්නටත් ප්‍රථමයෙන්, Microsoft සමාගම එහි මීලඟ ප්‍රධානතම update එක පිළිබඳ කල්පනා කොට ඇත. Microsoftහි ජනප්‍රියතම game එකක් වන Minecraft ඇසුරෙන්, එම update එක “Redstone” යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලබන අතර, එය ලබන වසන්ත සෘතුවේදී නිකුත් කිරීමට නියමිතයි.

Continuum වැනි තම දුරකතනය පරිගනකයක් බවට පත් කරන updates මගින් Windows 10හි මගින් ඉදිරියේදී කල හැකි දේ විස්තාරණය කරනු ඇත. එය Appleහි අඩංගු Continuity යනුවෙන් හඳුන්වන iOS සහ OS X සම්බන්ධ කරන software එකට බොහෝ සෙයින් සමානකම් දක්වයි. එමෙන්ම Continuum software එක මගින් නිදසුනක් ලෙස පරිගනකයෙන් ඇමතුම් ලබාගැනීමටද හැකිවේ.

Microsoft Office

Microsoft සමාගම විසින් නිකුත් කරනු ලබන Windows වලින් පසු වැදගත්ම නිෂ්පාදනය වන්නේ Microsoft Office ය. එහි online version එක වන Office 365හි මිලියන අටකට අධික භාවිත කරන්නන් පිරිසක් ඇතුලත් වෙයි.

Microsoft සමාගමට අනුව 2016 වසරේ ලඟදීම දිනකදී නිකුත්වන productivity suite එක, “Office 2016” ලෙස නම් කර ඇති අතර එය ව්‍යාපාරික හා සාමාන්‍ය භේදයෙන් තොරව සැමට එකසේ ලබාදීමට කටයුතු කරනු ඇත. Office 365 වෙතද updates, 2016 වසර පුරාවටම offline Office හා සමගාමීව හිමිවනු ඇත.

Microsoft Edge සඳහා නව විශේෂාංග

Microsoft සමාගම විසින් නිකුත් කල Internet Explorerහි update එක වන Edge සඳහා මෙතෙක් ලැබී ඇත්තේ දුර්වල ප්‍රතිචාරයන්ය. එයට හේතූන් ලෙස browser extensions නොමැති වීම සහ software නිතර crash වීම දැක්විය හැකිය.

Windows 10 වෙත තවත් භාවිත කරන්නන් එක් වන විට Edge browser එක operating system එකෙහි ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නා බැවින් ඒ පිළිබඳ Microsoft සමාගම 2016 වසරේදී වැඩි අවධානයක් යොමු කරනු ඇත.

අතීතයේදී Microsoft සමාගම browser වෙළඳපලෙහි ආධිපත්‍ය නතු කරගෙන සිටි අතර එය නැවත ලබාගැනීම සඳහා වන උත්සහයක් ලෙස Edge browser එක හැඳින්විය හැකිය.

නව fitness Band එක

Band ලෙස නම් කර ඇති Microsoftහි fitness band එක, එම සමාගම විසින් වෙළඳපොලට නිකුත් කරන විට, එවැනි උපාංග Apple සහ Samsung සමාගම් ඒ වන විටත් නිකුත් කර තිබුණි.

එහි පළමු version එක ප්‍රමාණයෙන් විශාල සහ දුර්වල ප්‍රතිචාර ලද අතර Microsoft සමාගම ඒ ප්‍රතිචාර වලට සවන් දී, එහි දෙවන version එකෙහි අනවශ්‍ය දෑ ඉවත් කර, එහි design එක වෙනස් කොට තවත් software විශේෂාංග ඇතුලත් කර ප්‍රතිනිර්මාණය කරන ලදී.

Band එක Windows 10හි විශේෂාංග අඩු version එකකින් බල ගැන්වෙන බැවින් එය Microsoft පවුලේ අසාමාන්‍ය නිෂ්පාදිතයක් ලෙස දැක්විය හැකිය. 2016 වසරේදී එහි hardware සහ software වැඩිදියුණුවීම් අපේක්ෂා කල හැකිය.

Internet of Things

Microsoft සමාගම Windows 10 හඳුන්වාදෙන ලද්දේ සියලු උපාංගයන්හි දිවෙන operating system එකක් ලෙසය. ඒ අනුව එයට “Internet of Things”(ශීතකරණ වැනි උපාංගවල ඇතුලත් කුඩා උපකරණ ) ද ඇතුලත්ය.

Windows 10, Raspberry Pie හෝ server stack වැනි කුඩා පරිගනක වලද දිවෙන අතර, Microsoft සමාගම තම වෙබ් අඩවියේ අත්හදාබැලීම් කිරීමට developersලා ධෛර්යමත් කර සිටී. තවද Microsoft සමාගම සඳහන් කර සිටි අන්දමට, Windows 10 භාවිත කරන්නන් බිලියනක් දක්වා ව්‍යාප්ත කිරීමේදී IoTහි සහයද වැදගත් වේ.

Xbox One සඳහා නව විශේෂාංග

Microsoft සමාගම මෙම වසරේදී Xbox One Video game console එක වෙත ප්‍රධානතම update එකක් නිකුත් කිරීමෙන් පෙරලියක් ඇති කරන ලදී. එනම් Windows 10හි version එකක් එහි core එකට ඇතුලත් කිරීමෙනි. එය Xbox එක හා පරිගනකය එකිනෙකට ආසන්න විමේ සලකුණක් ලෙස දැක්විය හැකිය.

එවන් දෑ තවදුරටත් 2016 වසරේදීත් අපට බලාපොරොත්තු විය හැකිය. Microsoft සමාගම Windows Store app market එක හා Windows 10 සතු digital assistant, Cortana ද Xbox වෙත ගෙන ඒමේ සූදානමක් පවතී.

Microsoft Research

2016 වසර සඳහා අනාවැකි 16ක් Microsoft Research විසින් නිකුත් කරන ලද අතර ඉන් බොහෝමයක Microsoft සමාගම සාම්ප්‍රදායිකව කැපීපෙනෙන software, security සහ innovation පිළිබඳ අනාවැකි ඇතුලත් වේ.

Microsoft සමාගමේ ගවේෂණ පිළිබඳ අංශය, බොහෝදුරට සමාගමෙන් තනිව පවතින අතර එය වර්තමානයේ විශේෂයෙන්ම විද්‍යාත්මක නිපැයුම් පිළිබඳ සලකා බලයි.

වර්තමානයේ ගවේෂණය වන ව්‍යාපෘති වන්නේ spatial audio(3D ශ්‍රව්‍ය පද්ධතියක්), SigmaDolphine(පරිගනකය මගින් අප විසින් ස්වභාවික භාෂාවෙන් ලිඛිත ගණිත ගැටලු විසඳීමේ ආකාරයක්) සහ PinDrop(මීලඟ පරම්පරාවේ streaming සේවාවක්).

Philanthropy

Microsoft සමාගම මෑතකදී Philanthropy පිළිබඳ තම අවධානය යොමු කරන අතර ඔවුන් තම මුදල්, තාක්ෂණය හා නාමය, අන් අය සඳහා උදව් කිරීමට යොදාගනී. සමාගමේ සභාපති Brad Smith සහ දිගු කාලීන සේවිකාවක් වන Mary Snapp යන අයගේ ප්‍රධානත්වයෙන් Apple සහ වෙනත් සමාගම්වල දායකත්වයෙන් මෙම කර්තව්‍ය සිදුවේ.

“ඉදිරි වර්ෂ වලදී අප විසින් අපෙන්ම විමසා සිටිනවා මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන අභියෝග මොනවාද, ඒ සඳහා තාක්ෂණයෙන් ලැබෙන උපකාර කෙසේද සහ ඒ සඳහා Microsoft වෙතින් ලැබෙන දායකත්වය කුමක්ද” යනුවෙන් Satya Nadella මහතා පවසා සිටියේය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY