Fingerprint sensor එක දැන් Display එකට

Fingerprint sensor එක දැන් Display එකට

2790
0
SHARE

ඔයාල දන්නවනේ අද වන විට Fingerprint scanner බහුතරයක් devices වලට apply කරලා තියෙනවා කියලා. Mobile phone වලටනම් මේ වනවිට ඒක අනිවාර්ය අංගයක් වගේ. ඒ තරමට වර්තමාන mobile phone නිෂ්පාදන company තමන් නිෂ්පාදනය කරන devices වලට මේ fingerprint scanner apply කරන්න පෙළඹිලා. Mobile phone වලට විතරක් නෙමෙයි laptop පරිගණක වලටත් fingerprint scanner මේ වනවිට අලුත් feature එකක් නෙමෙයි. ඇත්තටම fingerprint ඒ තරමට වර්තමානයේ සුලබයි. ඉතින් Microsoft සමාගමත් fingerprint scanner එක තම device වලට සුපුරුදු විදියට වඩා වෙනස් විදියකට එක් කරන්න තමයි සුදානම් වෙන්නේ.

මොකක්ද මේ සුපුරුදු විදිහයි, Microsoft සමාගම එක් කරන්න යන අලුත් විදිහයි කියන්නේ? අපි දන්නා විදියට(ඒ කියන්නේ කලින් පැවතුන විදියට) fingerprint scanner එක අපේ device එකේ වෙනමම තැනක තමයි තිබුනේ. සමහර device වල display එක යටින් සවිකරලා තිබුනා. එහෙම නැත්තම් device එක පිටිපස්සේ වෙනමම තැනක තමයි තිබ්බේ.

අපි හැමෝටම සුපුරුදු ක්‍රමය වෙලා තිබ්බේ මේ ආකාරයනේ. ඉතින් Microsoft ආයතනය ටිකක් වෙනස් විදියට හිතල fingerprint sensor එක විශේෂ ස්ථානයක සවි කරලා තියෙනවා. ඒ තමයි device එකේ display එකේ. ඇත්තටම දැන් ඔයාගේ device එකේ display එක නොදැනුවත්වම fingerprint scanner එකක් වෙලා තියෙන්නේ.

ඉතින් ඇයි මේක මෙච්චරම වැදගත්? හිතල බලන්න ඔබගේ mobile phone එකෙන් වැඩකරනකොට(touch කරනකොට) ඔයාගේ device එක ඔබව identify කර ගැනීමක් automatically කර ගන්නවා. ඉතින් මෙහෙම බලනකොට මේ device එකේ secure පැත්ත ගැන අමුතුවෙන් ඔබට සිතන්න දෙයක් නෑ. ඇත්තටම මෙම devices ඉතාමත් secure.

Microsoft ආයතනය මේවනවිට මේ අලුත් නිපැයුමට patent අයිතිය පවා ලබාගෙන තිබෙන්නේ. Patent අයිතිය ගැන සළකලා බලනකොට මේ අලුත් ක්‍රමය වෙන නිෂ්පාදකයන්ට Microsoft ආයතනයේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ නිෂ්පාදනයන්ට එක්කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

අලුත් දේවල් ගැන නිතරම සිතන Microsoft ආයතනයටනම් ඇත්තටම මේක පෙරළිකාර දෙයක් නෙමෙයි. එහෙත් Microsoft device වලට ඇලුම් කරන පාරිභෝගිකයින්ට නම් මේක මහත් පෙරළිකාර අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.

Source: https://www.onmsft.com/news/microsoft-patent-seeks-to-build-fingerprint-scanner-into-screen-display

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY