හැමෝම කතාවෙන Generative AI, ඉගෙන ගමුද? – Part 01

හැමෝම කතාවෙන Generative AI, ඉගෙන ගමුද? – Part 01

1457
0
SHARE

Genarative AI කියන වචන දෙක අද වෙනකොට ලෝකය පුරා සුප්‍රසිද්ධ වුන, තාක්ෂණය පිළිබද අවබෝධයක් ඇති, නැති හැමෝම තමන්ගෙ දැනුමට එකතු කරගන්න විස්තර හොයන සුප්‍රසිද්ධ මාතෘකාවක් වෙලා තිබෙන්නෙ. කෙසේ වෙතත් තිබෙන ලොකුම ගැටලුවක් තමයි, මේ Generative AI ගැන සිංහල භාෂාවෙන් තොරතුරු සොයාගන්න තිබෙන ගැටලුව. ඉතින් මේකට පිළියමක් විදියට WindowsGeek අපි හිතුවා Generative AI ගැන article series එකක් ඔබ වෙත ගෙන එන්න. අපි මේ ලියන ලිපි මාලාව Facebook, LinkedIn වගේ සමාජ ජාලා වල පවා පළකරන්න අපි අදහස් කරගෙන ඉන්නෙ. එමගින් ඔබට පුලුවන් ඔබේ අදහස් අපි එක්ක බෙදා හදා ගන්නත්.

අනාගතය පිළිබද ග්‍රුන්ථ ගණනාවක් රචනා කරන ලද ලේඛකයෙකු හා අභ්‍යවකාශය පිළිබද විශේෂඥයෙකු වන ආතර් සී ක්ලාක් මහතා වරක් පවසනවා, “any sufficiently advanced technology is indistinguishable from magic”ලෙස. තවත් පැහැදිලිව කිව්වොත්, යම් තාක්ෂණයක් හොදින් ප්‍රමාණවත් ලෙස වර්ධනය වීමත් සමග එය හා මැජික් විද්‍යාව අතර වෙනසක් නොමැති බව. මේ කියමන අපි Generative AI වලට සම්බන්ධ කළොත්, ඒකෙන් කියවෙන්නෙ Generative AI භාවිතා කරලා අපි කරන නිර්මාණයන්ගේ තිබෙන ප්‍රමිතිය, මිනිසෙකු විසින් කරන ලද නිර්මාණයක් නැතිනම් යන්ත්‍රයක් ඇසුරෙන් කෙරුණු දෙයක් විදියට වෙන් කරන්න බැරි තරම් මට්ටමකයි පවතින්නෙ. Generative AI ගැන කෙනෙක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ආරම්භ කළොත් ඔහුට හෝ ඇයට දකින්න හම්බෙන්නෙ පරිගණක විද්‍යාඥයින් පිරිසක් හා පර්යේෂකයන් පිරිසක් එකතු වෙලා දත්ත, ගණිතය, processing power වගේ සාධක පදනම් කරගෙන කරන නිර්මාණයක්. මේ අධ්‍යයනයන් වල තිබෙන ප්‍රධානම වාසිය වෙන්නෙ නිවැරදිව ඒවා භාවිතා කිරීමට ලැබෙන අවස්ථාව.

අපි දැන් බලමු Microsoft කොහොමද මේ AI කතාවට සම්බන්ධ වෙන්නෙ කියලා. මූලිකවම Microsoft Azure AI කියන්නෙත් මේ වගේම නිර්මාණයක්. Industry Level එකෙන් කෙනෙක් AI ගැන ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවානම් Microsoft Azure AI කියන්නෙ IT Industry එකේ තියෙන Cloud Services AI වල වැදගත්ම tool එකක්. ඒ වගේම Generative AI වල තාක්ෂණ පැත්තෙන් වගේම පර්යේෂණ මට්ටමෙන් ගත්තත් අලුත් features ගණනාවක් එක්ක ඉහළින්ම ඉන්නෙ Microsoft ආයතනය.

Generative AI ගැන කථා කරන්න කළින් අපි AI සහ ඒ හා සම්බන්ධ පරිසරය ගැන පැහැදිලි අදහසක් අරගමු. AI කියන්නෙ සරළ පැහැදිලි කිරීමක් ගත්තොත් පරිගණක වලට මිනිසුන් වගේ සිතීමට පුරුදු කරන ආකාරය. දැනට Apple Siri, Alexa, Chat GPT, Gemini AI, MidJourney AI පාවිච්චි කරන කෙනෙක් නම් ඔබ අද වෙනකොට මේ AI වල වටිනාකම හොදින්ම අවබෝධ කරගෙන ඇති. මීලගට වැදගත්ම කොටස වෙන්නෙ Machine Learning. මූලිකවම AI වල හරය නිර්මාණය වෙන්නෙ Machine Learning හරහා. Machine Learning හා Programming අතර වෙනස තියෙන්නෙ, අපි Programming වලදි පරිගණකයට සියලු instructions දෙන්න ඔින. හැබැයි Machine Learning වලදි අපි දත්ත ඇතුල් කරද්දි ඒ මගින්ම තර්කය නිර්මාණය කරගන්නවා.

  • Natural language understanding (NLU) – මිනිස්සු සහ පරිගණකය අතර සන්නිවේදනය සිදුකරන පද්ධතිය
  • Natural language processing (NLP) – මිනිසුන් අතර සන්නිවේදනය කරද්දි වෙනතරම් සියුම් හැකියාවක් ඇති පරිගණකයේ හැකියාව
  • Named entity recognition (NER) – වචන වල ඇති වැදගත් දත්තයන් වන නම්, දින, වෙලාවන් වෙන් කරගෙන පරිගණකයට අවශ්‍ය වන පරිදි ඒවා ලබා දීම
  • Deep learning – විශාල මට්ටමේ දත්ත ගබඩාවල data points ඇසුරින් neural networks නිර්මාණය කිරීමට භාවිත වෙයි

මීළග ලිපියෙන් අපි Generative AI ගැන තවදුරටත් කතා කරමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY