පළමු ලිපියෙන් අපි සාකච්ඡා කරනු ලැබුවා AI කියන්නෙ මොනවගේ Concept එකක්ද, අපිට AI එක්කම පාවිච්චි වෙන terms මොනවාද කියන දේ. මේ ලිපියෙන් අපි Generative AI ගැන ගැඹුරින් අධ්‍යයනය කරමු.
Generative AI කියන්නෙ AI වල content creation කියන කොටසේ මූලිකවම භාවිතා වෙන AI කාන්ඩය. අපිට මෑතකදි දකින්න ලැබුන දෙයක් තමයි මිනිසුන් බොහෝ දෙනෙක් Generative AI ගැන දැනුමක් ඇතිව හෝ නැතිව Generative AI භාවිතා වෙන chat applications එක්ක වැඩ කටයුතු කරන දේ. උදාහරණයක් විදියට ගත්තොත් Microsoft Copilot කියන්නෙ ඒ වගේ Generative AI වලින් නිර්මාණය වුන chat application එකක්.
Generative AI Applications වලට පුලුවන් සාමාන්‍ය භාෂාවලින් නැත්නම් Natural languages වලින් ලබාදෙන ආදානයක් නැත්නම් input එකක් අරගෙන response එකේ සදහන් වෙන images, programming codes, නැත්නම් Natural language එකෙන්ම output එක දෙන්න.මේ පහළ දක්වලා තිබෙන්නෙ ඒකට උදාහරණයක්.

මේ ඉහළ දක්වලා තිබෙන උදාහරණයේ දක්වලා තිබෙන්නෙ පරිශීලකයෙක් තමන්ගෙ අවශ්‍යතාවයක් වුන hiring letter එකක් Microsoft Copilot ඇසුරින් නිර්මාණය කරගැනීම. ඔබට දකින්න පුලුවන් ඉතා පැහැදිලි output එකක් අපිට ඒ හරහා ලබාගන්න පුලුවන්. මේකෙ භාවිත කරන්නා විසින් නිවැරදිව කළ යුතු වෙන එකම දේ තමන්ගේ අවශ්‍යතාවය නිවැරදිව ආදානයක් නැතිනම් input එකක් විදියට ලබාදෙන එක.
මේ වගේ Natural Language Generation වගේම, Image Generation, Programming Code Generation වගේ දේවල් වලට පවා Generative AI පහසුවෙන්ම භාවිත කරන්න පුලුවන්.
Generative AI වගේම Predictive AI කියන්නෙත් විශාල වශයෙන් ලෝකයේ භාවිතා වෙන AI Model එකක්. නමුත් බොහෝ දෙනෙක් අතර මෙි දෙක සම්බන්ධව පරස්පර විරෝධී අදහස් තිබෙනවා. ඒ නිසාම ඒ ගැන පුළුල් පැහැදිලිකිරීමක් කරන්න අපි කල්පනා කළා.
Generative AI | Predictive AI | |
---|---|---|
අරමුණ | අලුත්ම තොරතුරු හා දත්ත නිර්මාණය කරනවා අවශ්‍යතාවය මත | මේ වන විට ලෝකයේ තිබෙන දත්ත සහ රටාවන් අනුමාන කිරීමෙන් පසු විශ්ලේෂණය කරනවා |
කාර්යය | අලුත් තොරතුරු නිර්මාණය කිරීම | පරණ තොරතුරු ඇසුරින් අනුමාන සිදු කිරීම |
දත්ත පුරුදු කිරීම | විවිධාංගී කරණය වුන විවිධ මට්ටම් වල දත්ත ගණනාවක් අවශ්‍යයි | පරණ දත්ත අවශ්‍ය වෙනවා ඉගෙනීමට සහ අනුමාන කිරීම් වලට |
උදාහරණ | වචන නිර්මාණය කිරීම හා රූප ගොඩනැගීම | Forecasting, classification, regression |
ඉගෙනීම් රටාව | දත්ත වල තිබෙන රටා හා සම්බන්ධතාවයන් ඉගෙනීම | පරණ පැවති දත්ත භාවිතා කරලා අනුමානයන් කරන්න උත්සාහ කිරීම |
භාවිත වන අවස්ථා | නිර්මාණාත්මක කටයුතු, අලුත් තොරතුරු ආරම්භ කිරීම | තොරතුරු විශ්ලේෂණය, ව්‍යාපාර හා මූල්‍යමය අනුමාන කිරීම් |
අභියෝග | අපිට ලැබෙන output එකේ අඩුපාඩු තිබෙන්න පුලුවන් (දත්ත වල නිර්වද්‍යතාවය) | දැනට තියෙන pattern වලට සීමා වෙන්න පුලුවන්. ඒ වගේම වැදගත් අවස්ථා මගහැරෙන්න පුලුවන් |
Train කරන එක සංකීර්ණද නැද්ද කියන දේ | සංකීර්ණ බව සෑහෙන්න වැඩියි. තොරතුරු සොයන්න වෙන සීමාව නිසා ගැටලු මතුවෙන්න පුලුවන් | සංකීර්ණ වශයෙන් පුරුදු කරන්න අවශ්‍ය වන්නෙ නැහැ |
Generative AI නිර්මාණය වෙන්නෙ Language Models වලින්. අපි මීලග ලිපියෙන් කතා කරමු Language Model එකක් නිර්මාණය වෙන්නෙ කොහොමද සහ එහි කාර්යභාරය ගැන.