ලැබෙනකන් බලන් ඉන්නේ නැතුව Windows 10 Creators Update ඉක්මනින්ම ලබා ගනිමු ද?

ලැබෙනකන් බලන් ඉන්නේ නැතුව Windows 10 Creators Update ඉක්මනින්ම ලබා ගනිමු ද?

2653
1
SHARE

පසුගිය දවසක Microsoft සමාගම Windows පරිගණක සදහා Windows 10 Creators Update හදුන්වා දුන්නා. මේ සමගින්ම පුළුල් පරාසයකින් යුක්ත නව විශේෂාංග සහ වැඩි දියුණු කිරීම් ගණනාවක්ම Microsoft 10 පරිශීලක ඔබට ලැබෙනවා. උදාහරණ ලෙස Creators Update සමගින් පෞද්ගලික සහ ආරක්ෂක වැඩිදියුණු කිරීම්, නවතම තේමාවන්, mixed reality, revised sharing experience, Windows Ink support, high-DPI displays සදහා වඩාත් හොද පිටුවහලක්, වැඩිදියුණු කරන ලද ප්‍රවේශතාව සහ නව පරිගණක ක්‍රීඩා විශේෂාංග වැනි තවත් බොහෝ නවාංගයන් සහ වෙනස්කම් Windows 10 මෙහෙයුම් පද්ධතිය හරහා ඔබට ලැබෙනවා.

Microsoft සමාගම පවසන ආකාරයට පසුගිය වසරේ Anniversary Update මෙන්ම Creators Update ලබාදීම සිදුවන්නේ අවධි වශයෙනි. ආරම්භයේදී නවතම උපකරණ වලටත් පසුව එළබෙන මාස වලදී තව තවත් පරිගණක වලටත් Creator Update ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

නමුත් Windows Update හරහා එය ඔබට ලැබෙන තෙක් බලා සිටීමට නොහැකි නම්, මේ දැන්ම Creators Update සමග ඔබේ පරිගණකය Upgrade කිරීමට සරල ක්‍රමයක් Microsoft සමාගම ඔබට ලබා දීල තියනවා.

අපි බලමු කොහොමද ඉක්මනින්ම Creator Update ලබාගන්නේ කියලා. මුලින්ම Microsoft’s Download Windows 10 Page එක වෙත පිවිසෙන්න. එහි “Update now” Select කරන්න. එමගින් Update Assistant ඔබේ පරිගණකයට භාගත වේ.Update Assistant 6MB ක පමණ විශාලත්වයක් සහිත ඔබගේ දැනට පවතින Windows 10 සංස්කරණය Creators Update (Version 1703 හෝ build number 15063) දක්වා Upgrade කිරීමට භාවිතා කරන tool එකකි.

ඔබ වඩා පළපුරුදු පරිශීලකයෙක් නම් සහ වඩාත් විස්තරාත්මක හා පැහැදිලි ආකාරයට Creators Update install කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ඔබට අවශ්‍ය Windows 10 සංස්කරණය ලබා ගැනීමට Media Creation tool එක භාවිතා කිරීමට ද හැකියාව තියනවා. එයද Microsoft’s වෙබ් අඩවියේ ඉහත සදහන් කරන ලද Page එකෙන්ම ලබා ගැනීමට පුළුවන්.

එසේ නොමැතිව ඔබට පරිගණකය Upgrade කිරීමට වැඩි හදිස්සියක් නැතිනම් ඔබ කල යුත්තේ ඔබේ පරිගණකයට Windows Update මගින් Creators Update ලැබෙන තෙක් බලා සිටීම පමණයි.

ඔබේ පරිගණකය Creators Update ලබා ගැනීමට සුදුසුකම් ලත් විට එය install කිරීමට ප්‍රථමව ඔබගේ පරිගණකයෙහි Privacy settings වල වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු කල යුතුය. ඒවා මෙතනින් බලන්න.

Windows ජංගම දුරකථන සදහා Windows 10 Mobile Creators Update අප්‍රේල් 25 වන දින ලබා දීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා. නමුත් එය ලබාදීමට හැකිවන්නේ සීමිත දුරකථන සංඛ්‍යාවකට පමණක් බවත් සමහර උපකරණ එය ලබා ගැනීමට සුදුසුකම් නොදක්වන බවත් පෙන්නුම් කරනවා.

References- www.neowin.net

Comments

comments

1 COMMENT

LEAVE A REPLY