Office 365 සමඟ එන Profile Card Experience ගැන ඔබ දන්නවාද?

Office 365 සමඟ එන Profile Card Experience ගැන ඔබ දන්නවාද?

2230
1
SHARE

නවීකරණය වුණු සේවා ස්ථානයක වැදගත්ම වත්කම තමයි මිනිස්සු. එහෙම නැත්නම් එහි වැඩ කරන සේවක පිරිස. ඔබගේ ශක්තිමත් team එක තුලනාත්මකව, තනිවම සහ සාමූහිකව සාර්ථකත්වය කරා ළඟාවීමට ඔබට උදව් කරන්නේ ඔබගේ සේවක පිරිසේ දැනුම, නිපුණතාවය සහ ප්‍රවීණත්වය. ඒ කෙසේවෙතත් මේ සුවිශේෂී දැනුම භෞතීය සහ කාර්යය මණ්ඩලයේ බාධක හමුවේ බිඳ වැටීමට ලක් වෙනවා. ඔවුන් දන්නවා ඔවුන්ට තොරතුරු අවශ්‍ය බව, නමුත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නෙ නැහැ ඔවුන් දකින දේ හරි විදියට ග්‍රහණය කර ගන්න. ඔබ අහලා ඇති ජනප්‍රිය කියමනක් ” It’s not what you know, It’s who you know” මෙයින් අපිට මතක් කරනවා සේවා දායකයින් එකට එක් වී වැඩ කරනවා නම් එය අපේ සාර්ථකත්වයට මහත් පිටුවහලක් කියලා.

ඒ සඳහා Office 365 අපිට උදව් කරනවා. ඔබගේ නවීකරණය වුණු සේවා ස්ථානය තුළ ඵලදායිතාව නැවත නිපදවීමට Office 365 උදව් වෙනවා. එහි අරමුණ තමයි මිනිසුන් මධ්‍යගත කර ඔවුන්ට ගැළපෙන අත්දැකීම් ලබා දීම.මේ මඟින් ඔබේ සැඟවී තිබෙන දැනුම මුළුමනින්ම ඔබේ organization එක හරහා හුවමාරු කර කරගන්නටත් ඔබගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒවා achieve කර ගන්නත් පුළුවන්.

මම අද මේ ලිපිය මඟින් බලාපොරොත්තු වන්නේ ඔබට ඔබගේ colleagues සහ external contacts තහවුරු කරගන්න උපකාරී වන, වැඩි දියුණු වුණු Office 365 profile card experience එක ගැන අවබෝධයක් ලබා දීමටයි.


කලින් තිබුණු අත්දැකීම් හරහා වැඩි දියුණු වුණු මේ profile experience එක නිර්මාණය කරන ආධාරක තුනක් තිබෙනවා.ඒවා තමයි Intelligent, Holistic සහ integrated Profile experience.

අපි දැන් එකින් එක ඒ මොනවාදැයි සවිස්තරාත්මකව දැන ගනිමු.

Intelligent

සාම්ප්‍රදායිකව සේවකයන් specific information මිනිසුන් අතර share කර ගන්නෙ manually.ඒ වගේම දැනුම් ඒකක විදියට.නමුත් ඔබ office 365 graph and machine learning tap කරනවා නම් අලුත්ම office 365 profile card ගැන දැන ගන්න පුළුවන්. ඒ වාගේම ඔබට අදාළ පුද්ගලයන් ගැන තොරතුරු සියල්ලම ඒ හරහා ලබා ගැනීමේ හැකියාවත් තියනවා. මෙමඟින් ඔබට ඔබ සමඟ share වෙලා තියන documents ඉක්මනින්ම බලා ගැනීමේ හැකියාව තියනවා වගේම ඔබ ඔවුන්ට යවන ලද documents බලා ගැනීමේ හැකියාවත් තියෙනවා. මේ profile experience එක ඔබට වැදගත් වේවි ඔබේ කාර්‍යබහුල ජීවිතයට.

Holistic

අපි අපේ සේවකයින්ට උදව් කරනවා මිනිසුන් සමඟ වැඩ කරන්න ඔවුන්ගේ organization එක හරහා, නමුත් ඒ සාම්ප්‍රදායික ලෙස නම් නෙමෙයි. New organization එකක නම් පෙන්නුම් කරනවා ඒ ඒ company එකේ User’s position එක Highlight කරලා.ඒ වාගේම එයින් ඔවුන්ගේ direct reports සහ co-workers පෙන්නුම් කරනවා.Office 365 හරහා ඔබට අවශ්‍ය personsලගේ working habits සහ communication පෙන්නුම් කරනවා. මෙයත් ඔබට අලුත්ම profile experience එකක් ලබා දෙනවා නේද?

Integrated

New profile card සමඟින් Person’s name එකතු වෙලා තියනව හැමතැනකම.නමුත් මේ වැදගත් අත්දැකීම ඔබේ ඵලදායීතාවයට බාධාවක් නම් වෙන්නේ නැහැ. මෙමඟින් ඔබට ඔබේ tasks achieve කර ගන්න පහසුයි.මෙයින් name එකට අමතරව quick look එකක් දෙනවා ඔවුන්ගේ important attributes එක්ක.ඒ කියන්නෙ contact details, recent documents සහ manager.මෙයින් වැඩි විස්තර සඳහා one single click එකක් ප්‍රමාණවත්.එවිට flex pane එකක් හරහා අපිට page එකේ navigation එකක් නොමැතිව additional information පෙන්නුම් කරනවා.මෙයත් අපිට වැදගත් profile experience එකක් ලබාදෙන බව නම් නොරහසක්.

මේ වාගේම Office 365 අලුත් තොරතුරුත් එක්ක ළඟදීම මුණගැසෙමු.

Source:blogs.office.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY