Reports සහ Presentation සැකසීමේදී නිර්මාණාත්මක වෙනස් අලුත් දෙයක් දකින්න කැමතිද? එහෙනම් Microsoft Sway තමා හොදම විසදුම. Sway කියන්නේ Microsoft සමාගෙන් 2014 අග භාගයේදී වගේ හදුන්වාදුන් සේවාවක්.
Microsoft Sway කියන්නේ ප්‍රධාන වශයෙන්ම personal storytelling app එකක් ඒ කියන්නේ මේ සේවාව යොදාගෙන නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන්. Sway Microsoft office package එකත් එක්ක එන සේවාවක්. ගොඩක් අවස්ථාවල Sway සේවාව Powerpoint සේවාව වගේ තවත් සේවාවක් ලෙස යොදාගැනීම.
Microsoft Sway යොදාගෙන කල හැකි කාර්යන්;
- Reports
- Presentations
- Newsletters
- Personal Stories
Microsoft Sway සේවාවෙහි ඇති වාසි
- විනාඩි කිහිපයකින් සේවාවලබා සම්පුර්ණ කරගත හැකිවීම.
අඩු කාලයකින්, පහසුව reports, presentation සහ අනෙකුත් සේවාවන් ලබාගත හැකි වීම. සේවාව ලබාගන්න කෙනාට තියෙන්නේ අවශ්‍ය කරුණු ඇතුලත් කරන්න විතරයි.
- නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම්
ගුණාත්මක ඉදිරිපත් කිරීමක් සදහා නිර්මාණාත්මක content තිබීම සහ ඉරිදිපත් කිරීම සදහා video හෝ charts වුවද එකතු කර ගැනීමට හැකි වීම. Sway අපේම ජිවිත සමග මුහු වෙන්නන් නිර්මාණය කර තිබීම.
- Content මත suggested search results
මෙහි වාසිය වනුයේ මෙහිදී Microsoft Sway මගින් suggest කරන search වලින් අපිට අවශ්‍ය images, videos, tweets සහ අනෙකුත් දේවල් අපගේ content එකට අවශ්‍ය දේවල් suggest කිරීම, පසුව එය drag කර drop කර අපගේ නිර්මාණ වලට එකතු කරගන්නයි තියෙන්නේ. webpages සහ අනිත් apps තුල අමුතුවෙන් වෙලාවක් වෙන් නොකර සෙවීමට කාලය නාස්ති නොවීම.
- ඉතා ඉක්මනින් sway එක විවධ designs වලට transform කරගන්න පුළුවන්
අපිට කිසිම ආකාරයට අපේ නිර්මාණයේ format එක ගැන හිතන අවශ්‍ය වන්නේ නෑ මොකද මේ sway built-in design ඒ සදහා දායක වෙනවා ඒ වගේම ඔයාලට මේ දෙන design වලට අකමැතිනම් ඔයාට පුළුවන් customize කරගන්න.
- Share කිරීමේ පහසුව
ඔයාගේ යහළුවන්ට, පන්තියේ යාළුවන්ට පහසුවෙන්ම share කරන්න අවස්ථාව ලබා දීල තියෙනවා මේ සදහා අමතර software හෝ tool එකක් install කරගන්න අවශ්‍ය වන්නේ නෑ, ඒ වගේම මේකේ privacy settings change කරන්නත් පුළුවන්.
Microsoft Sway කොහොමද පාවිච්චි කරන්නේ කියල අපි ඊලග දවසේ කතා කරමු!
[…] Source From Windowsgeek Author: Praneeth Perera #SriLanka #News #lka […]