Windows 10 ගැන ඉගෙනගන්න Microsoft වෙත චාරිකාවක් දිනාගන්න

Windows 10 ගැන ඉගෙනගන්න Microsoft වෙත චාරිකාවක් දිනාගන්න

3485
0
SHARE

Microsoft Virtual Academy එක ගැන අපි ඔබව දැනුවත් කරා ඔබට මතක ඇති. ඉතින් මේ සූදානම MVA  (Microsoft Virtual Academy) එකේ අලුත්ම Challenge එක ගැන කියනයි.

මේ Challenge එකේ නම තමා Know it. Prove it.  මේක නිරන්තරයෙන් වාගේ MVA එකේ පවත්වනු ලබනවා. මේ පාර මේ Challenge එකේ අවධානය Windows 10 වෙත යොමුවෙලා තියනවා. ඉතින් ඔයාලයත් කැමතිද Windows 10 ගැන හරිදේ හරියටම ඉගෙන ගෙන ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටලා තියන Microsoft Campus වෙත චාරිකාවක් දිනාගන්න ?
ඔයාලට කරන්න තියෙන්නේ මෙචරයි, Windows 10 ගැන MVA එකේ අලුතෙන් දාලා තියන Courses වලින් එකක් තෝරගෙන ඉගන්නගන්න ඊටපස්සේ ඒ Course එක ඉවර කලා කියලා #RockedIt කියන Hash tag එකත් එක්ක Facebook එකේ හරි Twitter එකේ හරි share කරන්න විතරයි.
ඔයාලට මේ Course 3න තමා ලැබෙන්නේ,

  • Developers ලා සඳහා: Learn how to create amazing apps on devices running Windows 10.
  • IT Professionals ලා සඳහා: Discover how to manage Windows 10 in a mobile workforce, across devices and the cloud.
  • Students ලා සඳහා: New to technology? Learn programming basics by creating a real game or app in a real software development environment.

Know-it-prove-it

පහත පියවර අනුගමනය කරන්න.

දැනට MVA වෙත register වෙලා නැත්නම් Outlook account එකකින් MVA වෙත register වෙන්න. ඊට පස්සේ Login වෙන්න.

දැන් මෙතනින් මේ ලින්ක් ( http://aka.ms/kipi) එකට යන්න. එකෙන් ඔයාලගේ Course එක Select කරන්න. ඊටපසේ ඔයාගේ නමයි , email එකයි අහයි, දීලා submit කරන්න.
දැන් ඔයාලා Select කරපු Course එකට තමයි යන්නේ. ඒකේ උඩම තියනවා + Learning Plan කියලා button එකක්. ඒක click කරහම Course එක learning plan එකට ඇඩ්වෙනවා. මේකට ඔයා login වෙලා ඉන්න ඔනි.

දැන් ඉතිං Course එක ඉගෙනගෙන Course එක finish උන ගමන් course  එක share කරන්න. අමතක කරන්න එපා #RockedIt hash tag එක.

Challenge එක සම්පූර්ණකිරීම සඳහා අවසාන දිනය : October 15, 2015

Microsoft Virtual Acadamy ගැන තවමත් දන්නේ නැත්ද?

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY