Microsoft විසින් එළිදැක්වෙන Centaurus

Microsoft විසින් එළිදැක්වෙන Centaurus

2066
0
SHARE

Microsoft ආයතනය පහුගිය දවස් වල Andromeda කියලා pocketable එළිදක්වන්න සුදානමින් හිටියා.හැබැයි මේ වෙනකොට එයාලා මේ වැඩේ පොඩ්ඩක් පස්සට දාලා ඒ වෙනුවට එයාලගේ අලුත්ම dual-screen device එක එළිදක්වන්න සුදානම් වෙනවා කියලයි ආරංචි වෙන්නේ.මේ ගැන මුලින්ම සඳහනක් වුනේ පහුගිය දෙසැම්බර් මාසයේදී.මේකෙදි එයාලා Andromeda ඒ වගේම courier tablet concept එකේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා.Laptop/tablet hybrid version එකක් විදිහට සලකන මේ device එක Microsoft එකෙන් නම් කරලා තියෙන්නේ “Centaurus” කියලයි.

ඒ වගේම මේ dual-screen device එක සඳහා Microsoft ආයතනය විසින් Windows lightweight version එකකුත් නිර්මාණය කරලා තියෙනවා.මේ වනවිට intel විසින් මේ උපකරණයේ hardware category එක නිර්මාණය කරමින් පවතිනවා.මේ උපකරණය බොහෝවිට dual-screen laptop එකක් හෝ foldable display එකක් ආකාරයට ලබාගන්න පුළුවන් බවයි සඳහන් වෙන්නේ.

Microsoft ආයතනය එයාලගේ special Surface hardware event එකක් මේ ඔක්තෝබර් මාසයේ පවත්වන්න සුදානම් වෙනවා.ඒ නිව්යොර්ක් නුවරදී.ඉතින් මේ event එකේදී මේ dual-screen device එක එළිදක්වන්නයි එයාලා සුදානම් වෙන්නේ.ඒ නිසා බොහෝවිට 2020 අවුරුද්ද ඇතුලත ඔයාලට මේ device එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා.මීට අමතරව මේ වෙනවිට update කරලා තියෙන Surface Book ,Microsoft’s Surface Laptop,Surface Pro hardware වගේම Microsoft’s Surface Go tablet කියන උපකරණත් මේ event එකේදී එළිදක්වන්න Microsoft ආයතනය සුදානම් වෙනවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY