XBOX ONE තුල XBOX 360 GAMES
XBox one console එක නිකුත් කරලා වසර එක හමාරක් ගත වෙලා තිබුනත් Microsoft සමාගම නැවත මේ පිලිබදව හිතන්නට අරන්. ඒ අනුව මේ වසර අවසාන වන විට Microsoft සමාගම පොරොන්දු වෙලා තියෙනවා XBox 360 සදහා නිකුත් වූ අවසාන Generation එකේ Games 100 ක් පමණ , XBox one තුල භාවිත කරන්නට හැකි වෙනවා කියල. ඒවගේම දැනටමත් මේ games හිමි නම් නැවත ගෙවීමක් සිදු කරන්නට අවශ්‍යය වන්නේ නැහැ.
නවතම XBOX ONE CONTROLLER එක
Elite නමින් වඩාත් customizable Wireless Controller එකක් ඊයේ දිනයේදී හදුන්වා දුන්නා. මෙය නවතම පහසුකම් රැසකින් සමන්විතයි. ඒ අතර Controls නැවත re-map කිරීමේ හැකියාව සහ Directional Pad එක හුවමාරු කර ගැනීමට ඇති හැකියාව ප්‍රධාන වේ. Steam Controller එකට තරගයක් දෙමින් මේ නවතම Controller එක Windows 10 පරිගණක සමගත් එක සේ ක්‍රියාත්මක වෙනවා.
HALO 5 Game එක
Halo 5: Guardians Game එක ගිය වසරේ E3 සමුළුවේදී හදුන්වා දුන්නා. දැන් එහි Warzone නමින් නවතම Multiplayer Mode එකක් හදුන්වාදීල තියෙනවා. මේ Multiplayer සදහා වූ Map එක පෙර Game එකට වඩා විශාලයි. Halo 5 ඔක්තොම්බර් මාසයේදී නිකුත් වීමට නියමිතයි.
XBOX ONE GAMES නිකුත් කිරීමට පෙර ක්‍රීඩා කිරීමට අවස්ථාව
Steam සමාගමේ Early Access වැඩසටහනට බොහෝ සෙයින් සමාන කාර්යයක් Microsoft සමාගම ඊයේ හදුන්වා දුන්නා. දැන් නිෂ්පාදනය කර අවසන් නොවූ Games, XBox One භාවිතා කරන්නන්ට මිලදී ගෙන ක්‍රීඩා කල හැක. මේ වැඩසටහන The Long Dark සහ Elite: Dangerous යන Games සමගින් ආරම්භ වෙනු ඇත.
MINECRAFT දැන් HOLOLENS GAME එකක්
Microsoft හි HoloLens augmented reality headset එක හදුන්වා දීමේදී නිකුත් කල Demo එක බොහෝ දුරට Minecraft ට සමාන කමක් දැක්වුවා. නමුත් දැන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්. HoloLens හි voice සහ gesture commands භාවිතා කර ඔබට කෘතීම ලොවක් ඔබේ තේ බොන මේසය මත තනා ගන්නට පුළුවන්.
මීලග TOMB RAIDER GAME එක ඉදිරියේදී
2014 වසරේදී නිවේදනය කල Rise of the Tomb Raider Game එක XBox Platform එකට ප්‍රථම වතාවට හදුන්වා දෙනවා. මෙය XBox 360 සහ One තුල ක්‍රියාත්මක වේවි. තවම මෙය PlayStation සදහාද නිකුත් කර නොමැති වීම විශේෂත්වයකි.
GEARS 4 Game එක ලබන වසරේ අඟ භාගයේදී
Microsoft සමාගම ගිය වසරේදී Gears of War Game series එක Epic Games සමාගමෙන් මිලදී ගත්තා. පසුව නිකුත් වන ප්‍රථම Game එක වන්නේ Gears 4 ය. මෙය ලබන වසරේ අග භාගයේදී වෙළද පොලට පැමිණෙනු ඇත.
Minecraft HoloLens Demo එක බලන්න.
[…] […]