Microsoft Windows 10 File Explorer සමග ඒකාබද්ධ වෙන Apple iCloud

Microsoft Windows 10 File Explorer සමග ඒකාබද්ධ වෙන Apple iCloud

1669
0
SHARE

Microsoft සහ Apple සමාගම් දැනට තාක්ෂණික ලෝකයේ ඉන්න දැවැන්තයින් දෙන්නෙක්.පසුගිය දවසක Apple සමාගම විසින් Windows සඳහා support කරන icloud app එකක් එළිදැක්වූවා.ඉතින් Windows සඳහා නිපදවලා තියෙන මේ අලුත් app එකේ තියෙන icloud drivers වලින් ඉතාමත් පහසුවෙන් IOS devices සහ Windows 10 PCs අතර දත්ත හුවමාරුව සිදුකරන්න ඔයාලට පුළුවන්.මේ විදිහේ විසදුමක් අරන් තියෙන්නේ iPhone සහ Windows 10PCs යන දෙකම භාවිතා කරන පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා බවයි මේ ප්‍රධාන පෙලේ තරගකාරී ආයතන කියන්නේ.

මේ වනවිට ලෝකය පුරාම මිලියන 825කට අධික Windows 10 පාරිභෝගිකයින් ඉන්නවා කියලයි Microsoft ආයතනය කියන්නේ.ඒ අතරිනුත් සැලකිය යුතු සංඛ්‍යාවක් iPhone සහ iPad භාවිතා කරන අයයි. Siri හා Cortana වගේ features වලට අදාලව ගොඩනැගුනු තරගකාරිත්වයක් මේ ආයතන දෙකට තිබුනට cloud,Google හා mobile භාවිතයේදී තියෙන සහයෝගිත්වයත් එක්ක තාක්ෂණික මට්ටමෙන් විශාල ප්‍රගතියක් අත්කර ගන්න මේ ආයතන දෙක සමත්වෙලා තියනවා.ඒ නිසාම මෙවර iCloud සඳහා Windows app එක නිකුත් කිරීම ගැන Apple ආයතනය විශාල අවදානයක් යොමුකරේ නෑ.ඒ වෙනුවට මේ iCloud drive features නිපදවීම Microsoft ආයතනයට පැවරීමට ඔවුන් තීරණය කරලා තියෙනවා.

Image result for windows 10 icloud drive

Microsoft ආයතනයේ Giorgio Sardo කියන විදිහට ලොවපුරා සිටින Windows පාරිභෝගිකයින්ට මේ iCloud features, app එකක් විදිහට Microsoft store එකෙන් downlode කරගන්න පුළුවන්.මේ අලුත් app එක නිසා usersලට offline අවස්ථාවේදී පවා cloud එකට access වෙන්න පුළුවන්.ඒ වගේම usersලට තීරණය කරන්න පුළුවන් මොනවගේ files,folders වගේ දේවල්ද මේ iCloud drive එකේ වගේම PC එකේ save කරලා තියන්නේ කියලා.ඒ වගේම ඕනෙම iOS device එකකින් Mac වගේම iCloud website එකකින්ද පහසුවෙන් මේ files හා folders වලට access වෙන්න පුළුවන්.මේ ගැන පැහැදිලි කිරීමක් එක්කම ‘What is iCloud for Windows?’ කියලා support page එකක් Apple ආයතනය එළිදක්වල තියෙනවා.

Image result for apple icloud windows

Apple ආයතනය කියන විදිහට මේ Windows 10 සඳහා iCloud app එක භාවිතා කිරීමෙන් ඔයාලට files share කරන්න optimize කරන්න shared photo streams වලට access කරන්න වගේම iCloud Photo Library support වැඩිදියුණු කරන්නත් පුළුවන්.

Featured Image Source: https://www.imore.com/how-get-icloud-windows

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY