Microsoft සමාගම මීළඟ පරම්පරාවේ Wireless Display Adapter එක හඳුන්වාදෙයි

Microsoft සමාගම මීළඟ පරම්පරාවේ Wireless Display Adapter එක හඳුන්වාදෙයි

2738
0
SHARE

2014 වසරේදී Microsoft සමාගම තම Wireless Display Adapter එක හඳුන්වාදෙන ලදී. එමගින් භාවිත කරන්නන් හට  5.1 surround ශබ්ද සහිත 1080p වීඩියෝ ඇතුලු, තම දුරකතනයේ, tablet එකේ හෝ laptop එකේ ඇති දෑ විශාල HD රූපවහිනියකට හෝ monitor එකක් වෙත යැවීමට හැකියාව ලැබේ. මෙම adapter එක Miracast තාක්ෂණය යොදාගන්නා අතර Intel Wireless Display(WiDi) සහතික කල උපාංගයකි. එය බලය සඳහා සමගාමී USB සබඳතාවක් මත පදනම්ව, HDMI මගින් විශාල තිරයන් වෙත සම්බන්ධ වෙයි.

wireless-display-adapter-2-02

පසුගිය දින Microsoft සමාගම මෙහි නවතම version එක හඳුන්වාදෙන ලදී. එහි සඳහන් අන්දමට, මෙම උපාංගය, ප්‍රථම පරපුරෙහි වූ අගනා විශේෂාංග හා හැකියාවන් ගෙනෙමින්, ගුප්ත බව අවම කරමින්, නව මාදිලියේ සාධකයකට ගොණු කොට ඇත.

wireless-display-adapter-2-01

නවතම මාදිලියේ උපාංගය බරින් ග්‍රෑම් 33ක් වන අතර, අඳුරු titanium නිමැවුමකින් යුක්ත වේ. එමෙන්ම එහි wireless පරාසය අඩි 23ක්(දල වශයෙන් මීටර් 7ක්) දක්වා විහිදෙයි.

නව Wireless Display Adapter එක, ඇ.ඩොලර් 60කට අඩුවෙන් අලෙවි වූ පෙර adapter එකට වඩා සුලු වශයෙන් මිල අඩු වේ. නව version එක ඇ.ඩොලර් 49.95කට එක්සත් ජනපදයේ හා කැනඩාවේදී පෙර ඇනවුම් කල හැකි අතර, මාර්තු මස පළමුවන දින සිට නිල වශයෙන් Microsoft Store, Best Buy සහ Amazon මගින් මිලදී ගත හැක.

Microsoft සමාගම පවසන්නේ මෙම උපාංගය අනෙකුත් වෙළඳපොල සඳහාද ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කරන බවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY