අළුත් වුන OneDrive

අළුත් වුන OneDrive

2094
0
SHARE

අද අපි කියන්න යන්නෙ ඔයාල කවුරුත් දන්න OneDrive හි සිද්ධ උනු අළුත්ම වෙනස්කම් කීපයක් ගැනයි. ඒ තමයි OneDriveහි web interface එක වඩාත් පැහැදිලි UI එකක් බවට වැඩි දියුණු වීමත් ඒ වගේම new people card හා information pane කියන අළුතින්ම එකතු වුනු features දෙක හරහා ඔයා මොනවද share කලේ කියල ඉතා පහසුවෙන් බලන්න හැකි වීමත්. මේ අළුත් වුන interface එකේ tweaks සහ folder interface එකක් ඇතුලත් වෙලත් තියෙනවා. ඉතින් මේ විදිහට වෙනස් වුණු OneDrive ගැන මුලින්ම අනාවරණය කෙරුනෙ Orlando හි පැවති Microsoft Ignite Conference හි දීයි.


Office, Windows සහ Mac සදහා තමයි මේ අළුත්ම sharing options ටික ලැබිල තියෙන්නෙ. එහි පළමු පියවර විදිහට Office2016හි ඔබට අළුත්ම sharing pane එක දැකගන්න පුළුවන්. ඒ මගින් ඔයාට පුළුවන් ඔයාගෙ team එකේ ඉන්න membersලට ඔයාට අවශ්‍යය දේවල් වෙන වෙනම share කරන්න. මේ updates සියල්ලම mobile users ලටත් ලැබෙන්න සලස්වලයි තියෙන්නෙ. හැම කෙනෙක්ම වගේ ජංගම දුරකතන නිතරම භාවිතා කරන නිසා ඔයාට ඉතා ඉක්මනින්ම දැන ගන්න පුළුවන් ඔයා share කලේ මොනවද සහ share කරපු දේවල් නිවැරදි කෙනාට ලැබුනද කියල.

මීට අමතරව සිදු වුනු තවත් වෙනස්කම් කීපයක් තමයි web viewහි දී zip file support ලබා දීමත්, DRM හා IRM file support ලබා දීමත්. ඒ අනුව ඔයා මොකක් හරි OneDrive එකේ තියන file එකක් web version එකේ  open කරන කොට ඉස්සර වගේ read mode එකේ නෙමෙයි open වෙන්නෙ. ඔයාගෙ file එක open වෙන්නෙ edit mode එකේදියි. ඒ වගේම ඔයාගෙ sharing notifications ඔක්කොම mobile සහ desktop app දෙකටම ලැබෙනවා. නමුත් office 365 සදහා වූ OneDrive හි මීට වඩා වෙනස්කම් රාශියක් සිද්ධ වුනා. ඒ ගැන වැඩි දුර තොරතුරු ඔබට Microsoft’s OneDrive Blog කියවා දැන ගන්න පුළුවන්.

Source: https://www.theverge.com/2017/9/26/16367666/microsoft-onedrive-web-ui-sharing-options

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY