Surface Laptop වලට දැන් 1TB Hard Storage

Surface Laptop වලට දැන් 1TB Hard Storage

2806
0
SHARE

 

Surface Laptop කියන්නේ මොන වගේ laptop එකක්ද කියල හැමෝම දන්නවා ඇති කියල මම හිතනවා. ඒ කොහොම වුණත් Surface Laptop ගැන පොඩි විස්තරයක් දීලා ඉන්න එක දන්න නොදන්න හැමෝටම ප්‍රයෝජනවත් වෙන නිසා සාරාංශයක් කරන්න හිතුවා.

සාරාංශය

 

Surface Laptop එක Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරපු සුවිශේෂී නිර්මාණයක්. Apple සමාගම කාලයක් පුරාවට නිකුත් කළ ඔවුන්ගේම නිෂ්පාදන වගේ Microsoft සමාගමෙන් ඔවුන්ගේම නිෂ්පාදන  නිකුත් කරන්න දැරූ  උත්සහයක්  විදියට මේ devices හඳුන්වා දෙන්න පුළුවන්. Genuine Windows 10 S මෙහෙයුම් පද්ධතියක් සමගින් එන මේ laptops විශේෂයෙන්ම Windows Store තුළින්ම download කරගත් මෘදුකාංග(software) පමණක් install කිරීමට හැකි වෙන විදියට නිර්මාණය කරල තියෙනවා. සරලවම කියනවා නම් third-party software මේ laptops වලට install කරන්න බෑ. හිත් ආකර්ෂණය වෙන විදියේ දැකුම්කළු නිමාවක් එක්ක Microsoftලා මේ surface laptops නිර්මාණය කරනවා. Microsoft website එකට ගිහින් අපිට අවශ්‍ය විදියට customize කරල laptop එක මිලට ගන්නත් අවස්ථාව සලසලා තියෙනවා. මේ ලින්ක් එකට ගියාම ඔයාලට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන් Surface Laptop Customization.

දැන් නිකුත් වෙන surface laptops වල මේ විදියටයි features අන්තර්ගත වෙලා තියෙන්නේ.

1GB hard storage එක්ක ගන්නෙ කොහොමද?

මුලින් මේ laptops වලට 1TB hard storage නිකුත් වුණේ නෑ. උපරිම hard disk space විදියට දුන්නෙ 512GB. අපි laptop එකක් customize කරල ගන්න ගියාම මේ අවස්ථාව ලැබෙන්නේ එක option එකක් යටතේ පමණයි. Processor එක විදියට Intel Core i7 තෝරලා RAM ධාරිතාව 16GB දුන්නම hard space එක විදියට තෝරන්න options 2ක් දෙනවා 512GB සහ 1TB. එතනින් 1TB hard එකක් සහිතව surface laptop එකක් මිලදී ගන්න පුළුවන්.

කොහොම වුණත් මේ 1TB hard storage එකත් එක්ක surface laptop එකක මිල $2,699.00ක් පමණ වෙනවා. අළුත්ම විදියේ පරිගණක අත්දැකීමක් විඳින්න ආසාවෙන් ඉන්න අයට හොඳ නිෂ්පාදනයක් මේ laptop එක. ඒත් ගන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා software සඳහා තියෙන සීමාවන් නිසා. තමන්ගෙ අවශ්‍යතා Windows පාදක කරගත් මෘදුකාංග වලින් පමණක් සපුරා ගන්න නොහැකි අයට නම් මේක එතරම් හොඳ විකල්පයක් නෙමෙයි. තවදුරටත් surface laptop  ගැන දැනගන්න අවශ්‍ය නම් මේ video clip එක හොඳ resource එකක්.

Source: https://www.windowscentral.com/surface-laptop-now-available-1tb-storage

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY