Microsoft ඔබගේ meetings පහසු කරයි…දැන් iOS සදහා

Microsoft ඔබගේ meetings පහසු කරයි…දැන් iOS සදහා

2398
1
SHARE

Microsoft සමාගම Cross platform product නිපදවන්නට මේ දිනවල වැඩි අවදානයක් යොදවලා තියෙනව. ඒ නිසාවෙන්ම Product බොහෝමයක් Cross platform විදිහට වෙළදපොලට නිකුත් උනා.

ඒ අතර මේ Products අතරින් විශේෂ App කිහිපයක් පසුගිය දිනවල Microsoft සමාගම හදුන්වලා දුන්නා. Android සදහා Cortana beta app එකක් විදිහට හදුන්වාදීම වගේම Microsoft සමාගමේ විශේෂම Product එකක් වන Office 365, Android හා iOS සදහා හදුන්වාදිමද පිලිබදව ඔබ දැනුවත් ඇති.

එසේම පසුගිය දිනවල Microsoft සමාගමේ Send නම් email Massaging app එක Android මෙන්ම iOS සදහාද නිකුත් උනා. ඊයේ දිනයෙදී තවත් මෙවන් විශේෂ සහ අලුත්ම App එකක් නිකුත් කරන්නට Microsoft සමාගම කටයුතු කලා.

එය නිකුත් වුනේ Invite නමින්. මේ App එක නිකුත් කලේ Microsoft Garage හරහා. මෙම Invite App එක හදුන්වා දුන්නේ meetings manage කරගත හැකි App එකක් විදිහට. ඒ කියන්නෙ ඔබට පුලුවන් Invite හරහා ඔබේ meetings ඔබ ගමන් බිමන් යන අතරම හසුරුවන්නට. එබැවින් මෙම App එක ඔබේ කාර්යබහුල ජීව්තය සැහැල්ලු කරන්නට උපයෝගී වේවි.

විශේෂම කරුණ වන්නේ මෙම  Invite App එක දැනට iOS පාවිච්චි කරන්නන්ට ලබාගත හැකි වීමයි. ඉදිරියේදී Android හා Windows Phone සදහාද නිකුත් වන්නට නියමිතයි.

Invite-2

Microsoft සමාගමේ Office365 Business හෝ School subscription පාවිච්චි කර මෙම App එක ක්‍රියාත්මක කරන්නට පුලුවන්. නමුත් ඔබට Outlook, gmail, yahoo වැනි ඕනෑම Mail Account එකක් මේ සදහා යොදාගන්නට පුළුවන්.

ඔබට පහලින් ඇති විදිහට මේ Invite App එක පහසුවෙන් පාවිච්චි කරන්නට පුලුවන්.

  • පලමුව මෙම App එක හරහා Meeting එක සදහා සහභාගී වන අයට email එකක් මගින් දැනුම් දිය හැකියි.
  • එම meeting සදහා සහභාගීවන්නන් හට email notification එකක් ලෙස ලැබුනු පසු ඔවුන්ට පහසු වේලාවක් තොරා දිය හැකියි.
  • සියලු දෙනාටම පහසු වේලාවක් දැන්වු පසු ඔබට meeting එක පවත්වන්නට පුළුවන්.

මෙසේ මෙම Invite එක හරහා ඔබේ සැලසුම් තවත් පහසු වනු ඇත. Invite App එක ලගදීම ඔබටත් අත් විදින්නට අවස්ථාව සැලසෙනු ඇත.

Invite-3

Comments

comments

1 COMMENT

LEAVE A REPLY