IT දැනුම නොමිලේම ඔබේ දෝතට – Microsoft Virtual Academy

IT දැනුම නොමිලේම ඔබේ දෝතට – Microsoft Virtual Academy

9275
5
SHARE

දැනුම ගන්න (Large)

Microsoft Virtual Academy(MVA) පිළිබඳව ඔබ තවම දැනුවත් නැද්ද? එහෙනම් ඒ සඳහායි මේ අවස්ථාව. MVA වෙබ් අඩවිය ලොව පුරා විසිරි සිටින මානවයන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීමෙහිලා සිදුකරන සමාජ සත්කාරයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. සරලවම කිවහොත් ගණන් කර අවසන් කල නොහැකි තරමේ පැය ගණනකින් යුක්ත අභ්‍යාස වීඩියෝ(online training videos) රැසකින් මෙය සමන්විතයි. මෙහි විශේෂත්වය වන්නේ සියලුම පාඨමාලාවන් නොමිලේම ඕනෑම අයෙකුට වයස් බේදයකින් තොරව හැදෑරිය හැකිවීම.

IT ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න අයට තිබෙන ප්‍රධානම ගැටළුව තමයි දිනෙන් දින අලුත් වන තාක්ෂණය සමඟ ඉදිරියට යාම. තාක්ෂණය දිනෙන් දින විකාශනය වෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රයේ දිගටම රැදී සිටිමට නම් ඒ අලුත් වන තාක්ෂණික දැනුම ලබා ගැනීම අනිවාර්යය වනවා. අන්තර්ජාලය තුලත් සේවා රැසක් ක්‍රියාත්මකයි. නමුත් ඒ සියලු වෙබ් අඩවි වලට වඩා MVA අභිභවා යන්නේ කෙසේදැයි මේ ලිපිය අවසානයේදී ඔබට හැගෙනු ඇත.

1. MVA භාවිතා කිරීමට කොපමණ මුදලක් වැය වෙනවාද?

Microsoft Virtual Academy සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන සේවාවක්. Microsoft තාක්ෂණයන් පමණක් නෙමෙයි මෙහෙදී හදාරන්නට පුළුවන් වෙන්නේ. මේ සඳහා ඔබට අවශ්‍යය වන්නේ Microsoft Account එකක් තිබීම පමණයි.

2. මෙහි ලබා දී ඇති පාඨමාලා නොමිලේ ලබා ගත හැකි නිසා ඒවා යවත්කලීනද?

MVA හරහා පුළුල්ව විහිදුනු Microsoft තාක්ෂණයන් සියල්ලම පාහේ සහ අනෙකුත් තාක්ෂණයන් ද ආවරණය වෙනවා. සියලුම පාඨමාලා දිනපතා යාවත්කාලීන වනවා. පාඨමාලා විවිධ මට්ටම් වලින් හැදෑරිය හැකියි.

3. කොපමණ පිරිසක් MVA භාවිත කරනවාද?

MVA සමඟ ලොව පුරා විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ සංඛ්‍යාවන් නම් දිනෙන් දින වෙනස් වෙනවා. කෙසේවෙතත් මේ ලිපිය ලියන විට සම්පූර්ණ ප්‍රමාණය 3,381,838 ක් පමණ වන අතර ශ්‍රී ලාංකිකයෝ 5200 ක් පමණ මේ අතර සිටිනවා.

4. මේ පාඨමාලා සකස් කරන්නේ කොහොමද?

මේ එක් එක් පාඨමාලා මොඩියුල කිහිපයකට බෙදනවා. සෑම මොඩියුලයක්ම අවසානයේම self-assessment exam එකක් තිබෙනවා. මේ එක් එක් මොඩියුල සහ exam අවසන් කල විට ලකුණු ලැබෙනවා.

උදාහරණයක් විදියට,

පාඨමාලාව – Porting Unity Games to Windows 8.1 and Windows Phone
සම්පූර්ණ පාඨමාලාවටම ලකුණු – 79


ඔබ සෑම මොඩියුලයක්ම සාර්ථකව අවසන් කල විට ඒ අදාල ලකුණු ප්‍රමාණය ගිණුමට එකතු වේ. ඔබේ ලකුණු ප්‍රමාණය අනුව ඔබව තත්ත්ව කිහිපයකට බෙදෙනවා. ඒ මෙලෙසින්,

ලකුණු 0 – 99 අතර නම් Bronze
ලකුණු 100 – 499 අතර නම් Silver
ලකුණු 500 – 2,999 අතර නම් Gold
ලකුණු 3,000+ නම් Platinum

6. කාලසීමාවකදී හැදෑරිය හැකි පාඨමාලා සංඛ්‍යාව සීමා කරලද තිබෙන්නේ?

නැහැ, ඕනෑම වෙලාවක ඕනෑම පාඨමාලා සංඛ්‍යාවක් හැදෑරිය හැකියි. ඒ වාගේම සෑම self-assessment exam එකක්ම ඔබට අවශ්‍යය ඕනෑම වාර ගණනක් ලබා ගන්න පුළුවන්.

7. මේ පාඨමාලා මොන වගේද?

පෙරත් සඳහන් කල පරිදි මේ පාඨමාලා මොඩියුල වලින් සමන්විතයි. එක් එක් මොඩියුල විවිධ අංග වලින් සමන්විතයි. ඒ කිව්වේ, මොඩියුල වීඩියෝ ඉදිරිපත් කිරීම් වලින් සහ word,pdf වාගේ documents වලින් යුක්තයි. මේ සෑම resource එකක්ම අවශ්‍යය නම් download කරගෙන භාවිතා කරන්නත් පුළුවන්. ඒ වාගේම මේ සෑම පාඨමාලාවක්ම ඉදිරිපත් කරන්නේ අදාල ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයන් හා අදාල තාක්ෂණයන් ලොවට හඳුන්වාදුන් පුද්ගලයින් විසින් වීමද විශේෂත්වයකි.

9. කොහොමද මේ MVA පුහුණුව ලබා ගන්න පුළුවන්?

අන්තර්ජාලය හරහා Microsoft Virtual Academy වෙත සම්බන්ධ වෙන්න පුළුවන්.

10. MVA සතුව තිබෙන තවත් විශේෂතා මොනවාද?

මෙහි ඇති තවත් අංගයක් තමයි Learning Plan එකක් සකස් කර ගැනීමට පහසුකම් ලබා දීම. මේ හරහා ඔබට හැදෑරීමට අවශ්‍යය පාඨමාලා ගොණු ගත කර ගන්න පුළුවන්. ඔබේ MVA ගිණුමට ඇතුල් වූ පසු ඉතා පහසුවෙන් මේ හරහා ඒ ඒ පාඨමාලා වලට ලගා විය හැකියි.

ඔබේ පාඨමාලා පෙළගැස්මද අවශ්‍යය විටදී පරීක්ෂා කර ගන්න පුළුවන්.

සෑම පාඨමාලාවක්ම අවසානයේ ඔබට සහතිකයක්ද ලබා ගන්න පුළුවන්.

11. මොකක්ද මෙහි තිබෙන Leader Board එක?

MVA Leader Board එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ Weekly,Monthly සහ All Time ලෙසයි. මෙය අදාල සතිය,මාසය සහ සම්පූර්ණ කාල සීමාව තුල වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් සාමාජිකයන්ගේ නම් වලින් සමන්විතයි. ඒ විතරක් නෙමෙයි Microsoft සමාගම MVA ආශ්‍රිතව කාලෙන් කාලෙට විවිධ තරඟ සංවිධානය කරනවා. ඒ හරහා ඔබට වටිනා ත්‍යාග දිනන්නටත් අවස්ථාව තිබෙනවා.

දැනුම ගන්න (Large)

ඔබට මේ සම්බන්ධව වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍යය නම් අපව සම්බන්ධ කර ගන්න.

Dileepa   –  [email protected]
Prabhath –  [email protected]

Microsoft ආශ්‍රිත තොරතුරු සඳහාම වෙන් වූ ලංකාවේ එකම වෙබ් අඩවිය – WindowsGeek.lk

Comments

comments

5 COMMENTS

  1. Hi,

    I am a long time member of MVA and it help to improve my Server configuration and sys admin knowledge,It was great anchor to my MCSA so I highly recommend to use MVA if you like to update your knowledge about new techs and practices.

    Kasun Rajapakse

  2. ගොඩක් වටිනවා ඔයාල මේ කරන වැඩේ. ඒ වගේම අගය කරනවා…
    මගදි නතර වෙන්නේ නැතිව කරගෙන යන්න සුභ පතනවා..

LEAVE A REPLY