පළවෙනි ලිපියෙන් අපි discuss කළා මොනවාද power apps කියන්නෙ, ඒ වගේම අපි ඇයි power apps අපේ organization එකට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නෙ කියන මූලික කරුණු කිහිපය.
මේ ලිපිය පදනම් වෙන්නේ අපිට power apps platform එක හරහා කරන්න පුලුවන් දේවල් ගැන සහ ඒ apps අපිට කොහොමද business එකකට පාවිච්චි කරන්න පුලුවන් කියන දේ. power apps ප්‍රධාන වර්ග 4කට වෙන් කරන්න පුලුවන්.
- Canvas Apps
- Model-Driven Apps
- Portal Apps
අපි බලමු මොනවාද මේ apps වර්ග මොනවාද? අපි මේවා භාවිත කරන්නේ මොන වගේ requirements වලටද, ඒ වගේම මොනවාද ඒකෙන් ලැබෙන outputs කියලා.
- Canvas Appsමේ රූපයෙන් දක්වා තිබෙන්නෙ power apps platform එකේ තිබෙන pre defined templates set එකක්.
Canvas apps අපිට ලබාදෙනවා drag and drop tools set එකක් සහ blank canvas එකක්. ඒවා මගින් app එකේ layout, look & feel එක customize කරන්න පුලුවන්.
තමන්ගේ ආයතනයේ සේවකයන්ට ලබාදෙන data entry form එකක්, real time data update කරන්න පුලුවන් mobile app එකක් වගේ දෙයක් මේ හරහා ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුලුවන්. මේකෙ ලොකුම වාසිය වෙන්නෙ design flexibility එකක් පැවතීම.
- Model Driven Apps
Model Driven Apps සහ Canvas Apps අතර තියෙන මූලික වෙනස තමයි Model Driven Apps වලදි ඒවා automatically responsive user interfaces නිර්මාණය කරගන්න එක. මෙිවා මේ නිර්මාණය කරගන්නේ අපි define කරන data සහ relationship මත. මේවාගෙන් කරන්න පුලුවන් නිර්මාණ වලට උදාහරණ වෙන්නෙ,Customer Relationship Management (CRM) systems.
Inventory tracking solutions. - Portal Apps
Portal යෙදුම්වල මඟින් ආයතනවලට ආගන්තුක පරිශීලකයන් හෝ සහකාරයන් සඳහා ආරක්ෂිතව දත්තවලට ප්‍රවේශ විය හැකි websites සාදාගත හැක. Customer self-service portals සහ Partner onboarding platforms මේකට උදාහරණ වෙනවා. මේවාගේ ලොකුම වාසිය වෙන්නෙ security improvements පැවතීම.
තමන්ගේ අවශ්‍යතාවය මත භාවිත කරන apps වෙනස් වෙන්න පුලුවන්. මේවා නිර්මාණය කරන විදිය මීලග ලිපියෙන් කතා කරමු…