Windows 10 Mobile Anniversary Update එකේ තියෙන අලුත් දේවල් මොනවාද ?

Windows 10 Mobile Anniversary Update එකේ තියෙන අලුත් දේවල් මොනවාද ?

3123
1
SHARE

Windows 10 Mobile Anniversary Update එක නීකුත්වෙලා දැන් ගොඩක් කල් නමුත් ගොඩක් අය අපෙන් අහල එවලා තිබ්බා Windows 10 Mobile Anniversary Update එකේ තියන New Features මොනවාද Update කරගන්න කලින් දැනගන්න අවශ්‍යයි කියලා. ඉතින් අපට  පේන විදියට ගොඩක් අය තවමත් Windows 10 Mobile Anniversary Update එකට Update කරගෙන නැති හැඩයි. Windows 10 Anniversary Update එක සමහර විට ඔයාලා දැනටමත් අත්හදා බලලා ඇති. එය PC වලට විතරක් සීමා නොවී Xbox One සහ Windows ජංගම දුරකතන වලටත් භාවිතා කළ හැකි ලෙසයි සකස් කරලා තියෙන්නේ.

Windows phone වලට නම් Anniversary කියන වචනය අදාළ නැහැ. ඒත් Anniversary Update යන වචනය mobile edition එක සඳහා ද ඒ විදිහටම භාවිතා කරනවා. Windows 10 mobile edition එක officially launch කලේ නොවැම්බර් මාසේ . ඒ වන විටත් Lumia 950 සහ Lumia 950 XL ජංගම දුරකතන වෙළදපොලට නිකුත් වී තිබුනා. Windows 10 Mobile Edition එකට කලින් වෙළදපොලට නිකුත් වුන ජංගම දුරකතන වර්ග සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය මාර්තු මාසය වන තුරුත් ලැබී තිබුනේ නැහැ. ඒ වගේම තමයි දැනට භාවිතයේ පවතින Windows phones වලින් සුළු ප්‍රමාණයකට පමණයි අලුත් OS එකට upgrade වීමේ අවස්ථාව හිමි වෙන්නෙත්. ජංගම දුරකථන වෙළඳපොලේ Windows Phones තියෙන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතයක්. AdDuplex ජාලයට අනුව එයිනුත් 11. 9% ප්‍රතිශතයක් තමයි Microsoft හි නවතම Windows 10 Mobile මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නේ.

Anniversary Update එක අත්හදා බලන්න නම් ඔයාගේ phone එකත් Anniversary Update supported device list එකේ තියෙන්න ඕනේ. නැත්නම් Windows 10 සමඟින්ම එන phone එකක් මිල දී ගන්න ඕනේ.

එහෙනම් දැන් අපි බලමු Windows 10 Mobile Anniversary Update එකේ තියෙන විශේෂාංග මොනවද කියලා.

අලුත් වෙනස් කම් අතරින් Cortana වල දකින්න හම්බෙන වෙනස් කම් විශේෂයි. Cortana මුලින්ම හඳුන්වා දුන්නේ Windows Phone 8.1 එක්කයි. ඒ මීට අවුරුදු දෙකකට කලින්. Cortana හඳුන්වා දුන්නේ voice assistant software එකක් විදිහට. ඒත් තව දුරටත් ඒක voice assistant software එකක් විතරක්ම නෙමෙයි. ඒක අපි පාවිච්චි කරන සියළුම smart devices සම්බන්ධ කරන්න යොදා ගන්න පුළුවන්. Cortana දැන් Android සහ iOS භාවිතා කරන devices එක්ක ත් පාවිච්චි කරන්න පුළුවන්. Cortana එක්ක ඔයාට ඔයාගේ වැඩ ගොඩක් පහසු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට Cortana මගින් ඔයාට ඔයාගේ phone එක හොයා ගන්න පුළුවන්. නැත්නම් phone එක ring කරන්න පුළුවන්. ඒ වගේම phone එකේ තියෙන photo එකක් PC එකට share කරන්නත් දැන් Cortana ට කියන්න විතරයි ඕනේ.

wp_ss_20160903_0001Cortana හරහා දැන් ඔයාට reminders තියා ගන්නත් පුළුවන්. සාමාන්‍ය reminders වගේ නෙමෙයි Cortana වලින් දැන් reminders වලට photo එකක් add කරගන්නත් පුළුවන්.

ඊලඟට අපි බලමු camera එකේ තියෙන වෙනස් කම් මොනවද කියලා. කැමරාවේ improvements ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ app update එකක් විදිහටයි. ගොඩක් අය අසාවෙන් බලන් හිටිය panorama feature එකත් දැන් Windows කැමරාවට එකතු වෙලා තියෙනවා ඒ වගේම තමයි phone එකේ back button එක භාවිතයෙන් කැමරාව launch කරගන්නත් දැන් පුළුවන්. විශේෂයෙන් කැමරා button එකක් නැති devices පාවිච්චි කරන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Windows 10 mobile මෙහෙයුම් පද්ධතියට අලුතෙන් එකතු වුන තවත් app එකක් තමයි Skype Preview. Windows Phone 8 හි දැනට පවතින app එක මෙමඟින් replace වෙනවා.

දැන් අපි බලමු Windows 10 Anniversary Update Mobile Edition එකේ තියෙන අලුත් settings මොනවද කියලා. Windows Phone 7, 8 සහ 8.1 වල තිබුන text-based settings වෙනුවට දැන් ඒවාට icons එකතු වෙලා තියෙන බව ඔයා දන්නවා ඇති . ඒ වගේම තමයි දැන් ඔයාලට phone එකේ active hours සෙට් කරන්නත් පුළුවන්. එක දවසකට අදාලව සක්‍රීය පැය 18ක කාලසටහනක් තියා ගන්නත් මේ හරහා ඔයාලට ඉඩ ලැබෙනවා. PC සඳහා තියෙන Windows 10 වල නම් මේ පැය ගාන පැය 12 කට සීමා වෙනවා.

Microsoft Edge web browser එකෙත් සුළු වෙනස් කම් කිහිපයක් අලුත් update එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, InPrivate tab එකක් browser එකට හඳුන්වා දීලා තියෙනවා.

wp_ss_20160903_0003

Anniversary Update එක හරහා අලුත්ම emoji set එකකුත් හඳුන්වලා දීල තියෙනවා. ඒ වගේම තමයි Anniversary Update එක Unicode 9 වලට support කරනවා. Unicode 9 හරහාත් අලුත්ම emoji 72ක් හඳුන්වලා දීල තියෙනවා. ඒත් දැන් තියෙන ගැටළුව තමයි මේ emoji පාවිච්චි කරලා ඇත්තටම වෙන කාට හරි message එකක් යවන්න බැරි වීම. ඒකට හේතුව තවමත් Android හෝ iOS, Unicode 9 වලට support නොකිරීමයි.

Windows10_New_Emoji

Anniversary Update එකටම සුවිශේෂී වුන තවත් feature එකක් තමයි lock screen එක මත ම media controls දැක ගත හැකි වීම.

wp_ss_20160903_0005

Windows Store එකේ design එකෙත් වෙනස් කම් කිහිපයක් Anniversary Update එකේදී ඔයාලට දැක ගන්න පුළුවන්.

ඒ වගේම තමයි දැන් Windows 10 Mobile Edition එක fingerprint readers වලටත් support කරනවා. මේ feature එක ඇතුලත් වෙන පළවෙනි device එක HP Elite x 3 කියන HP සමාඟමේ අලුත්ම Smart Phone එකයි.

hp_elite_x3 feature image

Anniversary Update එක හරහා අලුතින් හඳුන්වල දුන්න features අතරින් වැදගත්ම feature එකක් ගැන තමයි අපි අන්තිමට කතා කරන්නේ. ඒ තමයි Microsoft Wallet. Microsoft Wallet කියන්නේ Apple Pay සහ Android Pay වලට සමාන mobile payments කරන්න පුළුවන් app එකක්. තවම නම් මේ app එක පාවිච්චි කරන්න පුළුවන් එක්සත් ජනපදයේ ඉන්න අයට විතරයි. ඒ වගේම Microsoft ආයතනය මගින් නම් කරලා තියෙන බැංකුවකින් card එකක් තියෙන්නත් ඕනේ. දැනට නම් බැංකු කිහිපයක් විතරයි එයාල නම් කරලා තියෙන්නේ ඒත් ඉදිරියේදී තවත් බැංකු ඒ අතරට එක් වෙන්න නියමිතයි.

Microsoft ආයතනය කියන විදිහට නම් Anniversary Update එකෙන් එයාලා Windows phone වලට වැඩි අවධානයක් යොමු කරලා නැහැ. ඒත් අලුතින් හඳුන්වල දුන්න විශේෂාංගත් එක්ක Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියට වැඩි වටිනාකමක් එකතු වෙලා කියලයි මට නම් හිතෙන්නේ.

ඔයාලා පාවිච්චි කරන්නෙත් Windows phone එකක් නම් මේ වෙනස් කම් අත්හදා බලන්නට දැන් ඔයාලටත් පුළුවන්.

 

Comments

comments