Windows Insidersලාට දැන් Office 365 අත්විඳීමේ අවස්ථාව

Windows Insidersලාට දැන් Office 365 අත්විඳීමේ අවස්ථාව

2141
0
SHARE

Windows Insider කියන්නේ Microsoft සමාගම විසින් Windows 10 හෝ Windows Server 2016 වලංගු බලපත්‍රයක් ඇති පරිශීලකයින් සඳහා නිකුත් කරපු testing program එකක්. නමුත් මීට කලින් මේ program එකට පිවිසෙන්න හැකියාව තිබුණේ developersලාට විතරයි. දැනට දින කීපයකට කලින් Microsoft සමාගම විසින් වලංගු 365 ගිණුම් හිමි සියල්ලන්ටම emails යවලා දැනුම් දුන්නා ඔවුන් දැන් Windows store එකෙන් Office 365 download කරන්න සුදුසු බව. ඒත් මේක install කරන්න නම් Windows 10 මෙහෙයුම් පද්ධතියේ තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද කියලත් මේ email එකත් එක්කම යවලා තිබුණා. ඔයාගෙ OS එක Windows 10 version 1703, OS Build 15063.153+ (Home, Pro, Enterprise, Education) හෝ Windows Insider Preview build 16170 එක්ක ගැළපෙනවා නම් ඔයාලට මේ අවස්ථාව තියෙනවා.

මීට මාස කිහිපයකට පෙර Office 365 මුල් වරට Windows store එකට නිකුත් කිරීමත් සමග තමයි මේ අවස්ථාව ලබාදෙන්න ආයතනය විසින් තීරණය කළේ. මුලින්ම මේ අවස්ථාව හිමිවුණේ Windows 10 එක්ක ආපු Surface ලැප්ටොප් වලට.

මේ Office 365 සමග එන හැම ඇප් එකක්ම අඩුම වශයෙන් 1.2GB ප්‍රමාණයක් hard disk එකෙන් ගන්නවා. ඒ නිසා install කරන්න කලින් සම්පූර්ණ package එකම install කරගන්න නම් 10-13GB ප්‍රමාණයක් හිස්ව තියාගන්න අවශ්‍ය වෙනවා. Microsoft සමාගම කියන විදියට, අළුතින් හඳුන්වා දුන්න මේ ඇප් එකේ අළුත් විශේෂාංග කීපයක් තියෙනවා.

1. The full version of Office – ඒ කියන්නේ මේ app එක සියලුම office applications වලින් සම්පූර්ණයි.

2. A cleaner uninstalls – Software එක uninstall කරන්න ඕනෙ වුණොත් එක පාරම සියලුම දත්ත සමගම පරිගණකයෙන් ඉවත් කරන්න පුළුවන්.

3. Smooth update process – Office වලින් වැඩ නොකරන වෙලාවට වුනත්, updates ඇවිල්ලා තියෙනව නම් පසුබිමින් ඒවා install වෙනවා ස්වයංක්‍රීයවම.

Microsoft ආයතනය විසින් මේ හඳුන්වා දුන් වෙනස නිසා Windows 10 පරිශීලකයින් තෘප්තිමත් වෙලා ඇති කියලා අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ඉතිං ඔයාලත් මේ විශේෂාංගය ලබාගන්න සුදුසු නම් ප්‍රමාද නොවී try කරලා බලන්න.

Office 365 සහ Office 2016 අතර වෙනසක් තියෙනවද නැද්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ video එක බලලා ඒක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

Source: https://www.onmsft.com/news/select-windows-insiders-can-now-download-and-test-office-365-from-the-windows-store

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY