Azure Subscriptions තෝරාගන්නේ කෙසේ ද

Azure Subscriptions තෝරාගන්නේ කෙසේ ද

1198
0
SHARE

ඔබ හෝ ඔබේ ආයතනය ඉදිරි පියවරක් වශයෙන් Azure සේවාවන් ලබාගැනීමට සුදානම් වන්නේ නම් එය කල හැක්කේ කෙසේද සහ කල යුතු පිළිවෙල පිළිබඳවයි මෙම ලිපියෙන් කතා කරන්න යන්නේ. මුලිකවම කල යුතු වන්නේ ඔබට සුදුසු subscription එකක් තෝරාගැනීමයි. මෙහිදී ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන සේවාවන් සහ එම සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන කාලය පිලිබඳ ඔබට යම් අවබෝධයක් අදහසක් තිබිය යුතු වෙනවා, නමුත් මෙය එතරම් ගැටළුවක් නොවන්නේ ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය පරිදි තවත් සේවාවන් ලබාගැනීමට හෝ subscription එක වෙනස් කිරීම හෝ කල හැකි නිසාවෙනි.

Azure සේවාවන් ලබාගැනීමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණා පිළිබඳව විමසා බලමු.

Region තෝරාගැනීම

Region එකක් කියන්නේ සරලවම භූගෝලීය ස්ථානයක්. Microsoft Azure සතු data centers මෙවැනි region කිහිපයකම, මුළු ලෝකයම ආවරණය වන පරිදි පිහිටුවා තිබෙනවා. එම නිසා ඔබේ රටට එහෙම නැත්නම් ඔබ සේවා ලබාගන්නා ස්ථානය අඩංගු වන region එක නිවැරදිව තෝරාගැනීම මගින් ඔබට වඩාත් පහසුවෙන් සහ වඩා වේගවත්ව අවශ්‍ය Azure සේවාවන් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

West US, Canada Central, West Europe, Australia East, සහJapan West කියන්නේ මෙවැනි regions කිහිපයකි. පහත රුපයෙන් දැක්වෙන්නේ regions 60කට අධික ප්‍රමාණයක පවතින රටවල් 140ක් පුරා Azure විහිදී ඇති ආකාරයයි.

Regions පිලිබඳ වැදගත් කරුණු

  • අනෙකුත් ඕනෑම cloud provider ආයතන වලට වඩා ප්‍රමාණයෙන් අධික regions සංක්‍යාවක් Azure සතු වේ.
  • ලොව පුරා විහිදුනු සේවා ජාලයක් පහසුවෙන් සකසා ගැනීමට Azure region මගින් හැකිවේ.
  • ඔබට අවශ්‍ය region වල පමණක් ඔබේ සේවාවන් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.
  • සෑම Azure region එකක්ම එකම භූගෝලීය මට්ටමේ තවත් region එකක් සමග සම්බන්ද වේ. මේවා regional pairs ලෙස හඳුන්වයි.මෙමගින් ඔබේ දත්ත වල ආරක්ෂාව ඉතාමත් ඉහලින් තහවුරු කෙරේ.

Azure subscription ලබාගැනීම

Azure subscription එකක් යනු සරලවම Azure account එකකට අනුබද්ධිත unit එකක්, මේ unit එකට අඩංගු කෙරුණු Azure සේවාවන් ප්‍රමාණයක් තිබෙනවා Azure සේවාවන් සඳහා ගෙවීම් කටයුතු සිදුවන්නේ per-subscription අනුවයි එනම් එක් එක් subscription එකකට අදාළව නියමිත මුදලක් තිබෙනවා.ඒ අනුවයි ගෙවීම් කිරීම සිදු විය යුත්තේ.

මෙම Subscriptions මගින් ඔබට cloud service resources වලට ඇති access කළමනාකරණය කිරීමටද යම් සේවාවක් සීමා සහිත කිරීමටද හැකියාව ලැබේ. එසේම ලබාගත් සේවාවන් , ගත කල කාලයන් සහ ඊට අදාළ ගෙවීම් කටයුතු යන සියල්ලම පිලිබඳ වඩාත් පැහැදිලි සහ නිවැරදි විස්තරාත්මක ලිපි ගොනුවක් ලබාගැනීමටද ඔබට හැකියාව තිබෙනවා.මේ ආකරයට සෑම subscription එකටම එයට අදාල billing and payment setup එකක් තිබෙන නිසා ඔබේ ආයතනයේ departments වලට වෙන් වෙන් වශයෙන් subscription ලබාගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා.

Azure subscription එකක් ලබාගත හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවා නම්,  Enterprise agreements, Microsoft resellers, Microsoft partners, සහ personal free account.

මෙයට අමතරව Azure මගින් ඔබට free සහ paid subscription options ලබාදෙනවා.මේ අතරින් වඩාත්ම භාවිතා වන subscriptions පහත දැක්වේ.

  • Free
  • Pay-As-You-Go
  • Enterprise Agreement
  • Student

Azure products සහ සේවාවන් භාවිතා කිරීමේදී, ඔබ ලබාගන්නා සේවාවට පමණක් ගෙවීම් කිරීම ප්‍රමාණවත් වේ. මෙහිදී ඔබගේ වියදම් සහ Azure සේවාවන් භාවිතය පිලිබඳ වඩාත් නිවැරදිව දැන ගැනීමට සහ සුදුසු පරිදි වියදම් පාලනය කිරීමට Microsoft Cost Management and Billing features ඔබට ලබාගැනීමට ද හැකියාව තිබෙනවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY