Windows භාවිත කරන ඔබත් Pokemon Go පිළිබඳව කනස්සල්ලෙන්ද?

Windows භාවිත කරන ඔබත් Pokemon Go පිළිබඳව කනස්සල්ලෙන්ද?

3059
1
SHARE

2016 වසරේ දැවැන්ත වීඩියෝ ක්‍රීඩා දියත් කිරීම් අතරින් එකක් ලෙස Pokemon Go සජීවිකරණ ක්‍රීඩාව Pokemon සමාගම විසින් හදුන්වාදීමත් සමඟ windows භාවිත කරන ඔබ වගේ ලොව පුරා මිලියන ගණනක් ජනතාව සිත් තැවුලට පත්ව තිබෙනවා. Pokemon Go හදුන්වාදී ඇත්තේ IOS හා Android උපාංග සඳහා පමණක් වන අතර එය windows දුරකථන හා අනෙකුත් windows 10 උපාංග සඳහා සහය නොදැක්වීම මේ අර්බුදයට හේතු වෙලා තියෙනවා.

Pokemon Go දියත් කිරීමත් සමඟ සිත් තැවුලට පත් ඔබ වැනි windows පරිශීලකයන් වෙනුවෙන් ඉල්ලීමක් change.org හි ආරම්භ කර ඇති අතර මේ ඉල්ලීම මගින් ලොව වටා මිලියන 81ක් පමණ උපාංග තුල windows 10 ස්ථාපිත බව දක්වමින් ඉල්ලීමට සාධාරණ ලෙස හේතු දක්වනවා.

මේ ඉල්ලීම තුලින් Pokemon Go නිර්මාණය කළ Nintendo සමාගමේ අදහස වෙනස් කිරීමට හේතු වේවි කියල තදින් විශ්වාස නොකලත්, windows පරිශීලකයන් හා ඔවුන්ගේ දායකත්වය පිලිබඳව යහපත් පණිවිඩයක් මේ තුලින් දැවැන්ත වීඩියෝ ක්‍රීඩා සමාගමක් වන Pokemon සමාගමට ලබාදීමට හැකි වන අවස්ථාවක් බව විශ්වාස කරනවා.

ඉල්ලීමේ මුලික බලාපොරොත්තුව අත්සන් 5000ක් උනත් මේ වන විටත් අත්සන් 4016 වගේ විශාල ප්‍රමානයක් ලැබී අවසන්.

මෙම පෙත්සමට ඔබත් දායක වන්න

Comments

comments