ඔබත් පුංචි දරුවකුට ඔබගේ පරිගනකය භාවිතා කිරිමට දෙනවිට දෙවරක් සිතන අයෙක් නම් ඒ සඳහා හොඳ විසඳුමක් Microsoft විසින් හඳුන්වා දී තිබෙනවා.ඒ තමා Windows 10 මගින් දරුවන් හට භාවිතයට සුදුසු වන ලෙස Windows 10 Account එකක් නිර්මාණය කිරිමට ඉඩ සලස්වා දී තිබිම.මෙමගින් ආරක්ශාකාරීව අන්තර්ජාල භාවිතා කිරීම ඉඩ කඩ සැලස්වීම, අනවශ්‍ය Games, Apps, Web site යනාදීන් මග හරවා පරිගනකය භාවිතා කිරීමට දරුවා යොමු කල හැක.තවද දරුවා පරිගනකය භාවිත කල වේලාව , ස්ථානය හා ක්‍රියකාරකම් පිලිබඳ විස්තරයක්ද ලබා දීමට ද Windows 10 සමත්.
දැන් බලමු කොහොමද මෙ කියන Child Account එක හදාගන්නෙ කියල
- Windows 10 පරිගනකයේ Settings > Accounts > Family & other users වෙත පිවිසීම.
- Add a family member click කර Add a child තෝරා ගැනීම.
- මෙහිදී දරුවා හට තම ගිනුම හා සම්බන්ද වීමට දරුවාගෙ Email ලිපිනය ඇතුලත් කිරීම, Email ලිපිනයන් නොමැති නම් The person I want to invite doesn’t have an email address වෙත පිවිසීම.
- ඉහත භාවිතා කල Email ලිපිනය මගින් Windows10 ගිණුම සඳහා පිවිසීම.
ඉන් පසු මෙහෙමයි තමාට අවශ්‍ය පරිදි Settings හදා ගන්නෙ,
- account.microsoft.com/family වෙත පිවිසීම.
- දරුවාගෙ ගිණුම තෝරාගෙන අවශ්‍ය පරිදි Settingsවෙනස් කිරීම.
· Recent activity [පසුගිය ක්‍රියාකාරකම්]
මෙහිදී වැඩිහිටි ඔබට පුලුවන් activity reporting කියන එක Turn On කර දරුවාගේ පෙර ක්‍රියාකාරකම් පිළිබඳ දැන ගැනීමට. ඒ කියන්නෙ ඔවුන් භවිතා කල Web sites, Download කල apps, games , කොපමන වේලාවක් පරිගනකය භාවිත කරාද වගෙ දේවල්.මේවගෙ වාර්ථාවක් වැඩිහිටි අයෙකුට සතිපතා Email කිරිමට හා අනවශ්‍ය Apps හා Games Block කිරීමටද මෙතනදී පුලුවන් .
· Web Browsing [අන්තර්ජාල පහසුකම්]
මෙහි දී නුසුදුසු Web site සඳහා සීමාවක් දැමීමට හැකියාව තියනවා. ඒ වගේම එවැනි Web site Block කිරීමට හා යම් යම් Web site සඳහා වයස් සීමා පැනවීම ද කරන්න පුළුවන්.
සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙහිදි අදාළ Web site Block කල හැකි වන්නේ Microsoft Edge Browser එක මගින් පමණයි.Apps & games යටතේ තියන Recent activity වලට ගොස් අනෙක් Browsers ද Block කිරීමට පුළුවන්.
- Apps, games & media
ඉහත ආකාරයට ම මෙහෙදී අපට පුළුවන් දරුවන් හට අදාළ නොවන Apps, Games වලට සීමාවන් පනවන්න. ඒ වගේම ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට සුදුසු Apps, Games තෝරා ගෙන ඒවා පමණක් දරුවාට භාවිතා කල හැකි පරිදි ගිණුම සැකසීමට.
ඇත්තෙන්ම මෙමගින් අපට පුළුවන් දිනකට දරුවා පරිගණකය භාවිතා කරන පැය ගනන තීරණය කරන්න.
Purchase and spending තුලින් අපට පුළුවන් දරුවාගේ ගිණුමට බැර කිරීමට. මේ මුදල් භාවිතා කර ඔවුන්ට පුළුවන් Windows store තුලින් apps, games වගේ දේවල් Download කර ගන්න.
දැන් ඔබට පොඩි හරි අදහසක් ඇති කොහොමද දරුවන් සඳහා සුදුසු පරිදි Child Account එකක් Create කර ගන්නේ කියලා. ඉතින් වැඩිහිටියන්ට නිතරම දරුවාගේ පරිගණකය පරීක්ෂා කල යුතු නෑ.Windows 10 Family Feature සමගින් ඔබත් දරුවාට ආරක්ෂාකාරීව පරිගණකය භාවිත කිරීමට නිදහසේ ඉඩ දෙන්න.
[…] […]