Hyper-V මගින් Virtual Machine එකක් නිර්මාණය හා Ubuntu ඇතුලත් කිරීම

Hyper-V මගින් Virtual Machine එකක් නිර්මාණය හා Ubuntu ඇතුලත් කිරීම

3161
1
SHARE

බොහෝදෙනා Ubuntu දාන්න නැත්නම් වෙනත් Operating System එකක් වැඩකරන්න ඕන වුනාම කරන්නේ Virtual Machine හදන්න පුළුවන් Software එකක් Computer එකට Install කරගන්න එක.

ඒත් බොහෝ දෙනා නොදන්න කාරනයක් තමයි මේ සඳහා අවශ්‍යකරන පහසුකම් Windows 8, 8.1, 10 Professional  හා Enterprise Edition වල මුලසිටම ඇතුලත්වෙලා තියෙන බව.( Windows 7 වල ඇතුලත් වෙන්නේ නැහැ )ඒ වගේම පරණ Hardware තියෙනවානම් ඒත් මේ Feature එක වැඩ කරන්නේ නැති වෙයි.

Hyper-V Activate කරන්නේ මෙහෙමයි.

මේ Feature එක Windows 8 හා 10 වල Activate කරලාම එන්නේ නැහැ.ඒක  Activate කරගන්නේ මෙහෙමයි.

මුලින්ම Start Menu එක Open කරලා “Turn Windows features on or off”  Search කරන්න.ඒ ලැබෙන List එකේ Turn Windows features on or off එක තෝරන්න.

search_for_feature

ඒ Window එකේ තියෙන Feature List එකේ Hyper-V Check-box එක Check ( Select ) කරලා තිබ්බේ නැත්නම් ඒක Check කරන්න.දැන් OK කරන්න.

select_hyperv

Hyper-V Open කරන්නේ මෙහමයි
ඒකට කරන්න ඕනේ Start Menu එකේ Hyper-V කියාලා Type කරලා Search කරන එක. එතනින් ලැබෙන Hyper-V Manager කියන එක Open කරන්න.

open hyper v

දැන් තියෙන්නේ Virtual Machine එකක් හදාගන්න එක.
ඒක හදාගන්න කලින් අපි Virtual Switch එකක් හදාගන්න ඕනෙ.නැත්නම් එහෙම අපි හදන Virtual Machine එකට Internet ගන්න විදිහක් නැහැ.ගොඩාක් අයට මේ වැඩේ අමතක වෙනවා.
ඒකට කරන්න තියෙන්නේ Hyper-V Manager එකේ තියෙන Virtual Switch Manager කියන එකට යන එක.

4-virtuwal_switch

දැන් එන Window එකේ  “What type of virtual switch you want to create?” යටතේ තියෙන External කියන එක Select කරලා Create Virtual Switch කියන Button එක Click කරන්න.

5_select external

දැන් එන Windows එකේ Virtual Switch එකට නමක් දෙන්න,ඊට පස්සේ අපි Internet එකට Connect වෙන්න පාවිච්චි කරන විදිහ තෝරන්න ඕනෙ. Wired Connection ද නැත්නම් WiFi Connection එකද කියන එක.

6_select external

දැන් OK කරන්න.ඒන Message Box එකේ Yes තෝරන්න.

7 yes for changing

දැන් Virtual Switch එක හැදිලා තියෙන්නේ.දැන් තියෙන්නේ Virtual Machine එක හදාගන්න එක.
මේකට කරන්න තියෙන්නේ Hyper-V Manager එකේ Actions List එකේ තියෙන New කියන එකේ Virtual Machine… තෝරන්න.

8_vm1
දැන් ලැබෙන New Virtual Machine Wizard එක එක පාරක් Next කලාම Virtual Machine එකට නමක් දෙන්න පුළුවන්.ඒ වගේම Store the virtual machine in different location කියන Check-box එක Check කලොත් සාමාන්‍යයෙන් හැදෙන තැන නැතුව Hard එකේ වෙන තැනක Virtual Machine එක හදාගන්න පුළුවන්.

9_vmwizard

දැන් Virtual Machine එකේ Generation එක තෝරන්න.ඒ කියන්නේ 32-bit ද 64-bit ද කියන එක.දැන් Next කරන්න.

11Generation

දැන් Virtual Machine එකට ලබාදෙන Memory ප්‍රමාණය දෙන්න. අපි Virtual Machine එකේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න Software අනුව තමයි මේ Memory ප්‍රමාණය තීරණයවෙන්නේ.දැන් Next කරන්න.

10_memory_size

දැන් කරන්න තියෙන්නේ අපි කලින් හදපු Virtual Switch එක මේ Virtual Machine එකට එකතුකරන එක.දැන් Next කරන්න.

12switch_assign

දැන් අපේ Virtual Machine එකේ Hard Disk එකේ ප්‍රමාණය ඒක හැදෙන්න ඕන තැන ඇතුලත් කරන්න. Next කරන්න.

14storage

දැන් අපි Operating System එක දාන්නයි යන්නේ.ඕනෙනම් පස්සෙ දාන්නත් පුළුවන්.
අපි මේ Post එකේදි දාන්න යන්නේ Ubuntu 14.04 .මේ සඳහා දෙවන Radio Button එක “Install an operating system from bootable CD/DVD-ROM” Select කරලා ඒ යටතේ තියෙන Image file (.iso) කියන Radio Button එක Select කරලා ඔයාට දාගන්න ඕන Operating System එකට අදාල iso file එක තියෙන Path එක ලබාදෙන්න.

13 installing OS

Next කරන්න. Finish කරන්න.

දැන් අපේ Virtual Machine එක Virtual Machines List එකේ පෙන්නනවා අපි හදපු Virtual Machine එක උඩ Right Click කරලා ඒක Start කරන්න ඊට පස්සේ ඒ Virtual Machine  එක Double Click කරන්න නැත්නම් Right Click කරලා Connect කරන්න.

15_start

දැන් සාමාන්‍ය විදිහට Ubuntu Install කරන්න පුළුවන්.

16

මේ විදිහටම වෙනත් ඕනෑම Operating System එකක් Install කරගන්න පුළුවන්.මේ විදිහට Virtual Machine එක හදද්දි යම්කිසි ප්‍රශ්ණයක් ආවොත් පහලින් Comment කරන්න.

ඔයාලගෙ අදහස් හා අපේ අඩු පාඩු තියෙනවනම් ඒවත් පහලින් Comment කරන්න

Comments

comments