Microsoft Translator Offline app එකට AI

Microsoft Translator Offline app එකට AI

1890
0
SHARE

කට්ටිය Google Translator App එක ගැන අහල ඇති. මේ කියන්න යන්නේ Microsoft Translator Application එක ගැන. Microsoft Translator API එක Bing, MS Office, Sharepoint, Microsoft Edge, Yammer, Visual Studio වගේ හුගක් applications වල පාවිච්චි වෙනවා. Microsoft Translator text වගේම speech translation එක පවා ලබාදෙනවා. වැදගත්ම කරුණ තමයි මේක Cloud Service එකක් වීම. මේ API එක release වුනේ 2016 මාර්තු මාසයේදී. 2018 මැයි වෙනකොට භාෂා 60කට වඩා වැඩි ගණනක් support කරනවා text translator එකේ. මේ Text Translator එකට support කරන භාෂා 60 වගේම Speech Translator එකට support කරන භාෂා, Neural Translation එකට support කරන භාෂා, Dictionary එකට support කරන භාෂා වෙන වෙනම බලාගන්න පුළුවන්. මෙතන click කරන්න.

මේ Update එකටත් කලින්ම මේකට එකතු වුන feature එක තමයි Image Recognition, Android phones වලට හදුන්වා දීම. මේක කරන්න බොහොම පහසුයි. කැමරාව ඔබට අවශ්‍ය සලකුණ හෝ මෙනුව වෙත යොමු කිරීම පමණයි. Image Recognition භාෂා 21ක් සදහා support කරනවා. මේ සදහා ඔවුන් Microsoft වල proprietary Deep Learning engine, Bing හා Skype වල translation options පාවිච්චි කරනවා. ඔබ කියාවි ඕකනම් මොකක්ද, Google Translator එකට Image Recognition තියෙන්නේ 2012 ඉදන්ම කියලා. ඒක ඇත්ත. නමුත් Microsoft Translator ෆෝන් එකට දාගෙන පාවිච්චි කරලා බලන්න ඔබටත් හිතෙනවනම් අන්න ඒක සදහායි මම අර කතාව කියුවේ.

මේ පාර ආපු feature එක ගැන කිවුවොත් AI තාක්ෂණය Translator Application එකකට පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් එහෙම පාවිච්චි කරනවානම් ඔබට අන්තර්ජාල පහසුකම් පැවතීම අනිවාර්යයි. නමුත් ඔබ ඉන්න ස්ථානයකට Internet නැත්නම්? මම මේ කියපු දේ කලාතුරකින් වෙන දෙයක් නෙමෙයි, ඒක සාමාන්‍යයි. Microsoft ආයතනය මේ ගැන හිතලා offline language packs කිහිපයක් release කරලා තියෙනවා. මේ feature එක enable වෙන්නේ AI chips තියෙන phones කිහිපයක වුනත් modern phone’s processor එකකට ගැලපෙන විදිහට මේවා නිර්මාණය වෙලා තියෙනවා. Offline AI කරලියට ආපු පලවෙනි පාර නෙමෙයි මේක. ඒත් මේක translator එකක දකින්න ලැබුණු පලවෙනි වතාව.

නැවත හමුවෙමු…

Source:https://techcrunch.com/2018/04/18/microsoft-translator-gets-offline-ai-translations/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY