Mirror’s Edge Catalyst – අයුක්තියට එරෙහිව..

Mirror’s Edge Catalyst – අයුක්තියට එරෙහිව..

2663
0
SHARE

ඔන්න ඉතින් මේකත් තවත් සුපිරිම ගේම් එකක් තමයි. කට්ටියට මතක ඇති 2008 රිලීස් උන Mirror’s Edge ගේම් එක. ඒකෙම reboot එකක් හරි prequel එකක් නොවුනත්, එහි ප්‍රධාන චරිතෙ වෙච්ච Faith මේකෙත් ඉන්නව. ගේම් එකේ development කරලා තියෙන්න EA , DICE එකමුතුවෙන්. Frostbite 3 engine එක තමයි යොදාගෙන තියෙන්නෙ Mirror’s Edge වල යොදාගත්තු Unreal engine වෙනුවට. ගේම් එක රිලීස් වෙන දින වකවානු වෙන්නේ උතුරු ඇමරිකාවට 2016 ජූනි 06 ත් යුරෝපයට 2016 ජුනි 09 ත් ලෙසටයි.

වැඩි විස්තර කතාකරන්න කලින් trailer එක බලල ඉමු.

ගේම් එකේ story එක ගැන කෙටියෙන්ම කියනවා නම් කතාව පසුබිම් වෙන්නෙ dystopian city of Glass ප්‍රදේශයේ ඒකාධිකාරී බලයෙන් ක්‍රියාත්මක වෙන සමාගම් වලට විරුද්ධව Faith ඇතුළු Free runners ලාගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කරන සටන පිළිබඳවයි. game play එක තුලදී Faith ගේ origin story එක දැනගන්නත් අපිට හැකියාව ලැබෙනව. Game Play එක ගැන කතා කරනව නම්, අපිට Roof top වල දුවමින් තමයි ලැබෙන mission සම්පුර්ණ කරන්න වෙන්නෙ. විවිද ආකාරයේ parkour movements අපිට යොදාගන්න පුළුවන් මෙහිදී. ඒ වගේම ගේම් environment එකේ විවිද වස්තුන් යොදාගෙන තමයි අපිට ගේම් එකේ progress කරන්න වෙන්නෙ.
Mirrors Edge Catalyst_1අනෙක් කාරණය තමයි Mirror’s Edge 2008 ගේම් එක තුල Weapons පාවිච්චි කරන්න හැකියාව තිබුනත් Mirror’s Edge Catalyst 2016 තුලදී එම හැකියාව සම්පුර්ණයෙන් ඉවත් කරල Player ගෙ parkour movements සහ quick melee-style attacks වලට මුල් තැනක් දෙන්න EA DICE කටයුතු කරලා තියෙනව. Faith ට පුළුවන් focus mode එක තුලදී සතුරාගෙන් එල්ලවෙන උණ්ඩ ප්‍රහාර මගරින්න වගේම melee-style attack එකක අවසාන movement එක කරනකොට ගේම් එක  third-person perspective එකකට මාරු වීමත් සිද්ද වෙනව.

Mirrors Edge Catalyst

ගේම් එකේ System Requirements සඳහන් වෙන්නෙ මේ විදියට.
MINIMUM:
OS: Windows® 7 64-Bit (use the latest Service Pack)
CPU: Intel i3-3250 / AMD FX-6350. (Note: Mirror’s Edge Catalyst requires at least 4 logical cores to run.)
RAM: 6 GB
HARD DRIVE: At least 25 GB of free space
VIDEO: NVIDIA GeForce® GTX 650 Ti 2GB or better / AMD Radeon™ R9 270x or better
INPUT: Keyboard and mouse, dual analog controller

RECOMMENDED:
OS: Windows® 10 64-Bit (use the latest Service Pack)
CPU: Intel Core i7-3770 at 3.4 GHz / AMD FX-8350 at 4.0 GHz
RAM: 16 GB
HARD DRIVE: At least 25 GB of free space
VIDEO: NVIDIA GeForce® GTX 970 4GB or better / AMD Radeon™ R9 280x 3GB or better
INPUT: Keyboard and mouse, dual analog controller

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY