MS SQL 2016 ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වාදේ

MS SQL 2016 ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වාදේ

3125
0
SHARE

Microsoft ශ්‍රී ලංකා සමාඟම විසින් පසුගිය දින  එනම් 2016 අප්‍රේල් මස 27 දින සමාඟමේ අතිදැවැන්ත දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් වන SQL Server හි 2016 වන සංස්කරණය හදුන්වාදෙනු ලැබුවා. මෙම අවස්තාවට දිවයිනේ විවිධ සමාඟම් රැසක්ම සභාගීව තිබුනා.

Microsoft සමාඟමේ ශ්‍රි ලංකා කළමණාකාර අධ්‍යක්ෂක බ්‍රයන් කේලී මහතා විසින් පලමු කතාව ආරම්භ කල අතර SQL භාවිතයෙන් දැනට සිදුකර ඇති විවිධ වූ සේවාවන් හා යෙදුම් පිළිබඳ මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරනු ලැබුවා ඒ අතර අප්‍රිකාවේ එච් අයි වී ආසාදිතයන් සඳහා  උපකාර කිරීමට දත්ත සමුදාය ලෙස SQL භාවිතාකළ ආකාරයදවේ. පසුව Microsoft සමාඟමේ ආසියාතික පැසිෆික් කලාපයේ ව්‍යාපාර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ සන්ජය පටෙල් විසින් ව්‍යාපාරකටයුතු සම්බඳ උපාය මාර්ගයන් සඳහා SQL මඟින් සිදුවන මෙහෙය පිළිබඳ සාකඡාකරනු ලැබුවා. තවද මෙහිදී SQL සමඟ ලැබෙන විශේෂාංග පිළිබඳවද අවධානයට යොමුවූ අතර SQL Linux සඳහා ලබාදෙන බව තවදුර්ටත් විශේෂයෙන් සඳහන් කරණු ලැබුවා. අනතුරුව N*able පුදගලික සමාඟමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ පීටර් දී අල්මේදා මහතා විසින් “How smart businesses driven by data” යන මාතෘකාව යටතේ  SQL භාවිතායෙන්  ව්‍යාපාර කටයුතු සඳහා ඇති විශේෂාංග පිලිබඳව සාකච්ඡාකරනු ලැබුවා.

අනතුරුව පැවති සාක්ඡාවටයට හා පැන විසඳුම් වටයේදී සභාවේ සිටි සියලුදෙනාගේම ප්‍රතිචාර ලැබුණු අතර බොහෝ ප්‍රශ්ණ සඳහා පිලිතුරු ලබාදෙනු ලැබුවා. මෙම උත්සවයේදී වැඩි වශයෙන් අවදානය යොමු වූයේ ව්‍යාපාරකටයුතු සඳහා දත්ත ක්‍රමානුකුලව කළමණාකරනය කර ගැනීම සඳහා SQL හි ඇති විශේෂ කරුණු වන අතර තාක්ෂණිකව මෙහිදී එතරම් අවධානයක් නම් යොමු වූයේ නැහැ.

අවස්තාවේ ඡායාරූප කීපයක්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY