SHARE

ගොඩ දවසකින් ගේම් එකක් ගැන ලියන්නත් බැරි උනා. අද මම ඔයාලට කියන්න හදන්නෙ Ubi Soft එකෙන් මේ අවුරුද්දෙ මාර්තු මාසේ රිලීස් කරන්න බලාපොරොත්තු වෙන Tom Clancy’s The Division ගේම් එක ගැන. හරියටම කිව්වොත් මාර්තු මාසේ 8 වෙනිදා තමයි රිලීස් වෙන්නෙ. ගේම් එක ගැන වැඩි විස්තර කියන්න කලින් Trailer එක බලල ඉමු.

ගේමේ එකේ Story එකට අනුව ඇමරිකාවේ New York City එක Bank Notes වලින් පැතිරෙන Virus එකකට ගොදුරු වෙලා, මිනිස්සු එකිනෙකා භේද වෙලා ගහමරාගන්නවා.US Government එක දවස් 5ක් තුල බිඳ වැටිලා මුළු රටම ලොකු විනාශයකට මුහුණ දෙනවා. මේ අතරේ තමා අපිට සිද්ද වෙන්නෙ Strategic Homeland Division-SHD නැත්නම් The Division කියන රහස් Government Organisation එකේ member කෙනෙක් විදිහට නැවතත් සාමය ස්ථාපිත කරන්න සටන් කරන්න වෙනව. ගේම් එක පුරාවට අපිට Virus එක මැඩපවත්වන්න වගේම , Virus එක තව තවත් මුදා හරින අය එක්කත් සටන් කරන්න වෙනව.

ගේම් එක MMOG-Massively Multiplayer Online Game, Third person Shooter, Action Role Playing කියන Genres වලට අයත්වෙනව. කොහොම උනත් ගේම් එක Multiplayer ගේම් එකක්. Open World මැප් එක explore කරන ගමන් අනිත් Division Agentsලත් එක්ක ගේම් එක Progress කරන්න ඕන අපි. Game Progress Level වැඩි වෙනකොට Experience points වගේම Currency level එකත් වැඩි වෙනව. මේවයින් අපිට අපේ Character එක Modify කරන්න වගේම අලුත් Weapon Upgrades වලට යන්නත් පුළුවන්. Game එකේ තියෙන්නේ Dynamic Time Based Weather System එකක්. මේකෙ වාසි, අවාසි දෙකම තියනව. ගේම් එකේ ගොඩක් interesting දෙයක් තමයි, අපිත් එක්ක play කරන අනිත් Partners ල කොයි මොහොතක හරි අපිට විරුද්ධ වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි ගේම් එක Announce කලේ 2013 උනාට නොයෙක් ප්‍රශ්ණ හින්ද UbiSoft එකට ගේම් එක Release කරගන්න බැරි උනා.මෙන්න 2013 E3 Gameplay Reveal එක

ගේම් එකේ Development දිහාවට හැරුනොත් ගේම් එක Exclusively Develop කරලා තියෙන්නෙ 8th Generation Consoles වලට.ඒ කියන්නෙ Xbox One,PS4 වගේ කොන්සෝල් වලට. SnowDrop කියන UbiSoft එකටම අයිති Game Engine එක උඩ තමා Game එක Run වෙන්නෙ.

“There Can’t be any Hope for TOMORROW,
If we don’t Fight Today “

Comments

comments

1 COMMENT

LEAVE A REPLY