2016 වසරේදී අපගේ windowsgeek.lk වෙබ් අඩවියේ ලිපි 283 ක් පළ වුණා. ඒ ලිපි තුළින් ඔයාලට ගොඩක් අලුත් දේවල් දැනගන්න ලැබෙන්න ඇති. ඒ වගේම ඔයාලගේ දැනුම වර්ධනය කරගන්නත් ඒ ලිපි ලොකු පිටිවහලක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි අපගේ වෙබ් අඩවිය තුළ 2016 වසරේදී වැඩියෙන්ම ජනප්‍රිය වුණ ලිපි මොනවද කියලා බලමු.
1 ) Microsoft Imagine Cup අවසන් තරගයට ලංකාවෙන් කණ්ඩායමක්. – Dileepa Rajapaksa
2016 වසරේ Microsoft Imagine Cup තරඟාවලියේ අවසන් වටය සඳහා තේරී පත් වෙන්න ශ්‍රී ලාංකික කණ්ඩායමකටත් හැකියාව ලැබුණා. එයාලා තමයි Bit Masters. ඔවුන් තරඟ වැදුනේ Innovations කාණ්ඩය යටතේ. මේ ලිපියේ දැක්වෙන්නේ ඒ ගැන වැඩිදුර තොරතුරු යි.
2 ) Windows 10 සමඟ එන Ubuntu Enable කරගන්නේ මෙහෙමයි. – Dileepa Rajapaksa
2016 වසරේ සිදු වුන තවත් වැදගත් දෙයක් තමයි Windows 10 Anniversary Update එක නිකුත් වීම. එහි දක්නට ලැබුණු සුවීශේෂී feature එකක් තමයි Ubuntu මෙහෙයුම් පද්ධතිය සක්‍රිය කරගැනීමේ හැකියාව. Windows 10 වල උප පද්ධතියක් විදියට Ubuntu සක්‍රීය කරගන්න විදිහ මුල සිට බොහොම පැහැදිලිව මේ ලිපියේ ඉදිරිපත් කරලා තියෙනවා.
3 ) Imagine Cup 2016 සඳහා ලියාපදිංචි වී ව්‍යාපෘති යෝජනා යොමු කරන්නේ මෙහෙමයි. – Dileepa Rajapaksa
Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරඟාවලියක්. Microsoft Imagine Cup තරඟාවලිය සඳහා ඉදිරිපත් වෙන විදිහ පියවරෙන් පියවර මේ ලිපියේ විස්තර කරලා තියෙනවා.
4 ) Windows 10 Anniversary Update එක ලබා ගන්නේ මෙහෙමයි. – Prabhath Mannapperuma
Windows 10 Anniversary Update එක බොහෝ දෙනාගේ කතා බහට ලක්වුන මාතෘකාවක්. ඉතින් මේ Anniversary Update එක ඔයාලගේ පරිගණකයටත් ලබා ගන්නේ කොහොමද කියලයි මේ ලිපියෙ විස්තර කරලා තියෙන්නේ.
5 ) Microsoft Imagine Cup 2016 තරඟ සඳහා අයදුම්කිරීමට අදහසක් තියනවාද? – Dileepa Rajapaksa
Microsoft Imagine Cup තරඟාවලිය ගැන ඔයාල හැමදෙනෙක්ම වගේ අහලා ඇති. ලෝකයේ ගොඩක් රටවල් වලින් මේ සඳහා සහභාගී වෙනවා. මේ තරඟාවලියේ තියෙන කාණ්ඩ සහ උප කාණ්ඩ ගැන ඔයාලව දැනුවත්’කිරීමේ අරමුණින් තමයි මේ ලිපිය පළ කරලා තියෙන්නේ.
6 ) Microsoft සමාගමේ විභාගයක් සමත් වීමෙන් විශ්වවිද්‍යාල සඳහා credit හිමි කරගන්න. – Sajith Perera
Microsoft සමාගම විසින් පවත්වනු ලබන සමහර විභාග සමත් වීමෙන් college credit හිමි කරගත හැකි බව ඔබ දැන සිටියාද ?
ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මේ ලිපියේ ඇතුලත් වෙනවා.
7 ) HP Elite x3 සහ Lumia 950 අතර specification යුද්ධය. – Omal Perera
HP Elite x3 කියන්නේ Windows භාවිතා වන smart phone එකක්. HP Elite x3 smart ජංගම දුරකථනය සහ Microsoft Lumia 950 smart ජංගම දුරකථනය අතර සවිස්තරාත්මක සන්සන්දනයක් මේ ලිපියේ ඇතුලත් වෙනවා.
8 ) Windows 10 Anniversary Update එක ගන්න ක්‍රම 3 මෙන්න. – Dileepa Rajapaksa
Windows 10 Anniversary Update එක ඔයාලගේ පරිගණකයට ලබා ගන්න විදිහ ගැන වැඩිදුර තොරතුරු ඇතුලත් කරලා ලියවුන ලිපියක් තමයි මේ.
9 ) Windows 10 Mobile නිල නිකුත් කිරීම අද ? – Dileepa Rajapaksa
Microsoft සමාගම, Windows 10 Mobile මෙහෙයූම් පද්ධතිය පාරිභෝගිකයන් අතට පත් කිරීම පිලිබඳ ආරංචිය අපි ඔබ වෙතට අරගෙන අවේ මේ ලිපිය තුළිනුයි.
10 ) Windows 10 පාවිච්චි කරන ඔයාගේ Internet speed එක අඩුයි වගේ ද? – Dileepa Jayasundara
Windows 10 භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටළුවක් තමයි Internet speed එක අඩු වීම. එම ගැටළුව මග හරවා ගන්න විදිහ ගැන තමයි මේ ලිපියේ සාකච්ජා කරලා තියෙන්නේ.
2016 වසරේදී වගේම 2017 වසර පුරාවටත් ඔයාලා windowsgeek.lk සමඟ නිරන්තරයෙන්ම එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.