Microsoft සමාගම Band 2 charging stand අලෙවිය අරඹයි

Microsoft සමාගම Band 2 charging stand අලෙවිය අරඹයි

2015
1
SHARE

Microsoft සමාගම Band 2 smartwatch එක සඳහා හුරුබුහුටි stand එකක් අලෙවිය අරම්භ කර තිබෙනවා. එය ඇ.ඩොලර් 19.99ක් වන අතර ඒ සඳහා charging cable එකක් ඇතුලත් නොවේ. එය බරින් වැඩි වන අතර එමනිසා සුමට පෘෂ්ට මතදී ලෙස්සා යාම වලකී.

එහි අන්තර්ගත විස්තරයේ සඳහන් වන පරිදි, එය හැඩකාර charging stand එකක් වන අතර එමගින් cable management පහසු වනවාත් සමගම එය අලංකාර මේස ඔරලෝසුවක් ලෙසද භාවිත කල හැක. එහි ඇතුලත් චුම්බක ආධාරකය නිසා charging cable එක ඉවත් කිරීම සහ නැවත සවිකිරීම වඩාත් පහසුවේ. තවද එය භාවිතයේදී cable එක පැටලීමෙන් වලකින ලෙස නිර්මාණය කොට තිබේ. බරැති රබර් පාදම හේතුවෙන් band එක recharge වීමේදී සියල්ල ස්ථාවරව පවත්වා ගනී.

මෙම stand එක band ප්‍රමාණ තුන සඳහාම භාවිත කල හැකි අතර Microsoft Online Store වෙතින් පෙර සඳහන් කල පරිදි ඇ.ඩොලර් 19.99කට මිලදී ගත හැකි අතර ඒ සඳහා free shipping පහසුකම සහ ආපසු ලබාදීමේ පහසුකම හිමිවේ.

Buy Charging Stand

Comments

comments

1 COMMENT

LEAVE A REPLY