SHARE
Cover

ඉතින් ගොඩ කාලෙකට පස්සෙ Game එකක් ගැන ලියන්න පුළුවන්කම ලැබුන. අද කියන්න හදන්නෙ අපි කවුරුත් ආස කරන Battlefield series එකේ අලුත්ම ගේම් එක ගැන. ගේම් එක Battlefield 1. හැමෝම බලනව ඇති Battlefield 4 වලට පස්සෙ ඇයි මේ 1 Release කරන්නෙ කියල….. මොකද කියනවා නම් ගේම් එක පාදක වෙලා තියෙන්නෙ World war 1 පසුබිම කරගත් තේමාවක් යටතේ වීමයි හේතුව. ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ  EA DICE සමගම. Frostbite game engine එක තමා ගේම් එකට යොදාගෙන තියෙන්නේ.

BF1_2

පසුබිම :

පළමු ලෝක යුද්ධය පැවතිච්ච බටහිර පෙරමුණ, ඉතාලියානු ඇල්ෆ්ස් කඳුවැටි වගේම අරාබියේ කාන්තාර ප්‍රදේශ පුරා Single Player වගේම Multiplayer Game play එක ව්‍යාප්ත වෙලා තියෙනව. මෙහෙදී ඒ ඒ අවස්ථාවන්ට අදාලව වෙනස් විදිහේ characters play කරන්න හැකියාව ලැබෙනව.

Single Player Mode :

Single Player Campaign එක ගැන වැඩි විස්තරයක් සඳහන් නොවුනත්,  EA DICE කියන විදිහට Single Player ගේම් එක පුරාවට Player ට විවිද තෝරාගැනීම් කරන්න ඉඩ සලසනව කියලයි ආරංචි වෙන්නෙ. Player තමන් ගන්න තීරණ මත Level තීරණය වීමත්, ගේම් එකේ අවසානය වෙනස් වීමත් සිද්ද වෙන්න පුළුවන්.

Multi Player Mode :

උපරිම වශයෙන් Players ල 64 කට එකට play කරන්න පුළුවන් විදිහට ගොඩබිම, මුහුද සහ ගුවන් යටතේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනව. අනෙක් විශේෂ කාරණය තමයි අලුතින්ම හදුන්වාදෙන Squad system එක. මේ යටතේ එක Team එකක් විදිහට server එකෙන් server එකට වෙන් නොවී මාරු වෙන්න හැකියාව ලැබෙනව. ඒ වගේම server browser එකක් යොදාගන්නව කියල තමා  EA DICE සඳහන් කරන්නෙ.

Vehicles :

පළමු ලෝක යුද්ධ සමයේ භාවිතා කරපු biplanes, triplanes, naval vessels, heavy tanks, armored trucks, motorcycles වගේම අශ්වාරෝහකයෙක් වෙන්නත් අවස්ථාව හම්බවෙනව. Biplanes ගැන කතාකරනව නම් multiplayer mode එකේදි පුළුවන් ඔබ ගුවන්යානය හසුරවන ගමන් තව team player කෙනෙක්ට mounted machine gun එක බාරකරන්න.

BF1_1

Weapons :

පළමු ලෝක යුද්ධයේදී පාවිච්චි කරපු bolt-action rifles, automatic rifles, semi-automatic rifles, artillery, flamethrowers මේකෙදි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම EA DICE විශේෂයෙන්ම design කරපු hand-to-hand combat system එකක් මේ ගේම් එකේදී යොදාගන්නව. Shovels, trench clubs වගේම sabres මේ Meele attack වලදී යොදාගන්න පුළුවන්.

Release Date

EA/Origin Access membership තියෙන අයට ගේම් එක ඔක්තෝබර් 18 ලබාගන්න පුළුවන්. PC, Xbox one වලට වගේම PS4 වලට ගේම් එක රිලීස් වෙන්නෙ ඔක්තෝබර් 21.

Reveal Trailer එකත් බලාගෙනම යන්නකො.

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY